‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ අරන් චම්පික කොමියුනිස්ට් පක්ෂයටත් යයි!

Date:

කොළඹ LNW:එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, දේශපාලන පක්ෂ සහ සංවිධාන රැසක් සමග මේ වන විට සාකච්ඡා කර තිබේ.

එහි තවත් පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ එක්සත් ජනරජ පෙරමුණ අතර සාකච්ඡාවක් කොළඹ, කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි සභාපති, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර, ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, නියෝජ්‍ය සංවිධායක විල්ෆ්‍රඩ් ජයසිංහ යන මහත්වරුන් ද, එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, දේශපාලන මණ්ඩල සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, තරුණ අංශයේ සභාපති තීක්ෂණ ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එම සාකච්ඡාවෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක මහතා;

“අපි ආරාධනා කළා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට. ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ නමින් තියෙන අපේ වැඩපිළිවෙළ පිළිබඳ ඒ අයගේ දේශපාලන මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරන්න. ඒ අනුව අපේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ඩිව් ගුණසේකර මැතිතුමා, එහි ලේකම්තුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මැතිතුමා ඇතුළු ඒ දේශපාලන මණ්ඩලයේ කට්ටියත් එක්ක අපි අපේ වැඩපිළිවෙළ සාකච්ඡා කළා. එතුමන්ලාගේ අදහස් අපිට පළ කළා. අපි ඉදිරිපත් කරලා තියෙන කාරණා සම්බන්ධයෙන් ඒ අය වෙනත් දාර්ශනික මතවාදයක සිටියත් ඒ කාරණා සම්බන්ධයෙන් ඒ අයට ලොකු ප්‍රශ්නයක් නැති බව ප්‍රකාශ කළා. ඒ වගේම ඉදිරි කාලයේ දී ජනාධිපතිවරණයක් පැවැත්වෙන්න නියමිත වුණත් හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමේ තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන් නිසාත්, ඉදිරි කාලයේ මැතිවරණ ගණනාවක් වුණත් පැවැත්වෙන්න පුළුවන් විධියේ අස්ථාවර තත්වයක් තියෙන නිසා. ශක්තිමත් සන්ධානයක් රටට අවශ්‍යයි ජනතාවගේ පැත්තෙන්. මනුෂ්‍යත්වය පැත්තෙන් අදහසට අපි එකඟතාවක් ඇති කරනවා.” යනුවෙන් පැවසුවේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂ අත්අඩංගුවට නොගන්නා බව CIDය දැනුම් දෙයි. FR පෙත්සම ඉල්ලා අස්කර ගනී

සටහන - රුවන් නෙළුගොල්ල කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අපරාධ...

දේශපාලනය කියන්නෙම මනුස්සකම ….

නන්දන ගුණතිලක ගැන අවශ්‍ය තරම් සටහන් ලියවිලා තිබ්බ. ගිය...

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...