ආයුධ පෙන්වීම : භික්ෂු ඝාතනයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

0
569

ගම්පහ, මල්වතුහිරිපිටිය විහාරස්ථානයක විසූ හිමිනමක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු වශයෙන් සැකපිට ඊයේ (11) අත් අඩංගුවට ගත් සැකකරු පොලිස් වෙඩි පහරකින් මරණයට පත්ව තිබේ.

ඊයේ පස්වරුවේ මොණරාගල හම්බේගමුව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් සැකකරු, අත්තනගල්ල, යටවක ප්‍රදේශයේ සැඟවූ ආයුධ පෙන්වීම සඳහා රැගෙන ගොස් සිටියදී පළායමට උත්සාහ කළ අතර එහිදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරු මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

මියගිය සැකකරු අරලගංවිල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

RN