ලාංකේය කාන්තා ක්‍රිකට් ඊළඟ පරපුරට හොඳ ඉල්ලමක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 12, කොළඹ (LNW): ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කාන්තා ක්‍රිකට් කේෂ්ත්‍රයේ ඉහළම මට්ටමේ ක්‍රීඩා රටාවක් පවතින එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ අවුරුදු 19 න් පහළ කණ්ඩායම් ශ්‍රී ලංකාවේදී මුණ ගැසීමේ අවස්ථාවක් සංවිධානය වී තිබේ.මේ වන විට පියවර ගණනාවකින් දක්ෂතා අතරින් ඉදිරියට පැමිණ තිබෙන ලාංකේය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ජාතික කණ්ඩායමට මෙන්ම අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ද ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා දීම මෙන්ම ජාතික මට්ටමේ තරගකාරි තරග සංවිධානය මෙන්ම,කාන්තා ක්‍රිකට් ව්‍යාප්තියද ඉහළ ගොස් පවතින අතර එව වැඩ සටහනේ තවත් පොහොසත් පියවරක් ලෙස එංගලන්ත,ඕසට්‍රේලියා සහ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලිය ලංකාවේ සංවිධානය වීම හැඳින්විය හැකියි.


තරගායලියට විස්සයි විස්ස තරග 6 ක් සහ එක්දින තරග 3 ක් ඇතුළත් වේ.මාර්තු 28 දා ඇරඹෙන පළමු විස්සයි විස්ස තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.තරග හයම හම්බන්තොට පැවත්වෙන අතර සෙසු තරග පැවත්වීමට නියමිතව ඇත්තේ මාර්තු 29,30 86බ අප්‍රේල් මස 1,2,3 යන දිනවලය.එක්දින තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතයි.එම .රග පැවත්වෙන්නේ අප්‍රේල් 05,06 සහ 07 යන දිනවලයි.


ශ්‍රී ලංකාව සහභාගි වන විස්සයි විස්ස තරග මාර්තු 28 (ඕස්ට්‍රේලියාව සමඟ),මාර්තු 30 (එංගලන්තය සමඟ),අප්‍රේල් 01 (ඕස්ට්‍රේලියාව සමඟ) සහ අප්‍රේල් 03 (එංගලන්තය සමඟ) පැවත්වෙනවා.ශ්‍රී ලංකාව සහභාගිවන එක්දින තරග අප්‍රේල් 05 (ඕස්ට්‍රේලියාව සමඟ) සහ අප්‍රේල් 09 (එංගලන්තය සමඟ) පැවත්වෙනවා.බොහෝ විට කාන්තා ජාතික කණ්ඩායම ද මේ දින වන විට විදේශ සංචාරයකට නික්ම යන බැවින් අවසාන වරට පංගලාදේශයේදී පැවති තුන්කොන් අවුරුදු 19 න් පහළ සූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමම මේ තරගාවලිය නියෝජනය නොකරීමට ඉඩ තිබෙනවා.ඒ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් හෝ එම තරගාවලියේ දී සහ පසුව පැවති ජාතික කාන්තා ක්‍රිකට් ලීග් සූරතාවලදී දැක් වූ දස්කම් නිසා අවුරුදු 19 න් පහළ කණ්ඩායමෙන් ජාතික කණ්ඩායමට එක් විය හැකි බව සිතිය හැකි නිසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...