රජය පළ කළ ගැසට්ටුවක් අත්හිටුවයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 12, කොළඹ (LNW): ප්‍රතිඅපනයනය සඳහා ගම්මිරිස් ඇතලු කුළු බඩු කිහිපයක් මෙරටට ආනයනය කිරීමට අවසරදීමට රජය පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබෙන බව පැවසේ.

රජය පසුගිය දා ගම්මිරිස්,  සාදික්කා,  වසාවාසි,  කහ,  ඉඟුරු හා කරදමුංගු ආදී මෙරට කුළු බඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සදහා මෙරටට ආනයනය කිරීමට අවසරදෙමින් ගැසට් නිවේදනය නිකුත් කළ අතර ජනාධිපතිවරයාගේ ප්‍රදානත්වයෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී මෙම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විරෝධය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරයි.

අමාත්‍යවරයා පෙන්වා දී තිබෙන්නේ, මෙලෙස ප්‍රතිඅපනයනය සදහා ආනයනයට අවසර දීම තුළින් දේශීය කුළු බඩු ගොවියා අධෛර්මත් වන බවත් ඒ තුළින් කුළු බඩු නිෂ්පාදනය කඩාවැටෙන බවයි.

දැනට ලෝකයේ හොදම කුළු බඩු ලෙස සන්නාම අතර පළමු ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවට මෙය අහිතකර ලෙස බලපාන බවද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

මෙම පැහැදිලි කිරීමෙන් පසු අදාළ ගැසට් නිවේදනය අත්හිටුවීමටත් ප්‍රතිඅපනයනය සදහා කුළු බඩු මෙරටට ආනයනය කිරීම අත්හිටුවීමටත් තීරණය කර තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...

සුඩානයේ RSF ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ...