යකඩ පෙනහළු වලින් ජීවිතය ගෙවූ පෝල් ඇලෙක්සැන්ඩර් මිය යයි

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 13,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව දීර්ඝතම යකඩ පෙණහලු රෝගියා ලෙස ගිනස් පොතට එක් වූ පෝල් ඇලෙක්සැන්ඩර් හෙවත් ‘පෝලියෝ පොල්’ මියගොස් ඇති බව වාර්තා වේ.

මිය යනවිට හෙතෙම 78 වන වියේ පසුව සිට ඇති අතර ඔහුගේ මරණයට නිශ්චිත හේතුව පැහැදිලි නොමැත. පොල් කොවිඩ් -19 ආසාදනය හේතුවෙන් ඔහු සති තුනකට පෙර රෝහලට ඇතුළත් කළ නමුත් මේ සතියේ තවදුරටත් ධනාත්මක පරීක්‍ෂණයක් සිදු නොවූ බවයි ඔහුගේ සහෝදරයා සඳහන් කර තිබුණේ,

පෝල් ඇලෙක්සැන්ඩර් පසුගිය වසර 70 ක කාලයෙන් අතිමහත් බහුතරයක් යකඩ පෙණහලුවල ගත කළ නමුත් ඔහු නීතිඥයෙකු සහ කතුවරයකු විය.

ඔහුට වයස අවුරුදු 6 දී එනම් 1952දී පෝලියෝ රෝගයට ගොදුරු විය. රෝගය නිසා පෝල්ට බෙල්ලේ සිට පහළට අංශභාගය ඇති වූ අතර ඔහුට තනිවම හුස්ම ගැනීමට නොහැකි විය. ඔහුගේ ස්වයං චරිතාපදානයට අනුව හුස්ම ගැනීම උත්තේජනය කිරීම සඳහා වායු පීඩනය වෙනස් කරන විශාල ලෝහ සිලින්ඩරයක් වන යකඩ පෙණහල්ලක ඔහු තැන්පත් කරන ලදී.

ඉන් අනතුරුව, පාවුල් ගෙවුණු දශක හත ගත කළේ යකඩ පෙණහල්ලක ආධාරයෙනි. 2023 මාර්තු මාසයේදී ඔහු ගිනස් ලෝක වාර්තා මගින් ලොව දීර්ඝතම යකඩ පෙණහලු රෝගියා ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර පොල් මිය යන විට විද්‍යාලයෙන් උපාධිය ලබා, නීති උපාධියක් ලබා වසර 30 ක් උසාවි නීතීඥවරයෙකු ලෙස කටයුතු කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...