*
Wednesday, February 12, 2025
spot_img

Latest Posts

2019 තත්ත්වයට එන්න 2027 වෙනකම් ඉන්න වෙනවා!

කොළඹ LNW:මෙම වසරේදී 2%ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කරන අතර 2019 වසරේ පැවති තත්ත්වයට පැමිණීමට තව වසර දෙක තුනක් පමණ ගතවනු ඇති බවත් කෙසේ වෙතත් 2027 වසරට හෝ ඊට පෙර එම ඉලක්කය වෙත ළඟා වීම තමන්ගේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

2022 වසරේ තමන් රට භාරගන්නා විට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටී තිබුණ බව ජනාධිපතිවරායා සඳහන් කරයි.

එහිදී තමන් ප්‍රමුඛත්වයක් ලබා දුන්නේ යල කන්නය සාර්ථක කර ගැනීම සඳහා වන බවත් ඉන් පසුව මහ කන්නය සාර්ථක කර ගැනීමට කටයුතු කළ බවත් වික්‍රමසිංහ මහතා කියෛටියි.

ලෝක ආහාර සංවිධානය මාර්ගයෙන් ඇමරිකාව අපට පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ලබා දුන් බව අපවසන ජනාධිපතිවරයා ඉන්දියාවෙන් යුරියා මෙට්‍රික් ටොන් 40,000ක් ලබා දුන් බවද සිහිපත් කරයි.

”ලෝක බැංකුවෙන් පොහොර මෙට්‍රික් ටොන් 135,000ක් ලැබුණා. මේ නිසා යල කන්නය වගේම මහ කන්නය ද සාර්ථක කර ගැනීමට අපට හැකියාව ලැබුණා. අප දැන් එතනින් ඉදිරියට යා යුතුයි. ඉදිරි වසර 10-15 තුළ රටේ අඩු ආදායම්ලාභීන්ගේ සංඛ්‍යාව අඩු කර ගැනීම අපේ අරමුණයි. කෙසේ වෙතත් සහන අවශ්‍ය ජනතාවට එම සහනය ලබාදීමට අප දැන් කටයුතු කර තිබෙනවා. ඒ අනුව අස්වැසුම මගින් අප ලබාදෙන මුදල් ප්‍රමාණය වැඩිකර තිබෙනවා. එම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාවද වැඩි කිරීමට අප පියවර ගෙන තිබෙනවා. මෙම වැඩපිළිවෙළේ යම් අඩු පාඩු තිබිය හැකියි. අප මෙම වසරේදී එම අඩු පාඩු සකස් කර ගනිමින් ඉදිරියට යා යුතුයි.

මෙම අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් අප ලබාදෙන මුදල් සියල්ල නැවත රටේ ආර්ථිකයට එකතු වෙනවා.ඒ ඔවුන් එම මුදල් එදිනෙදා අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වැය කරන නිසයි. ඒ අනුව මෙම වසරේදී මෙම මුදල් ටික රටේ ආර්ථිකයට එකතු වෙනවා. ඒ වගේම ආණ්ඩුවෙන් වැටුප් වැඩි කළ නිසා පුද්ගලික අංශයේ ද වැටුප් වැඩි කිරීම් සිදු වෙනවා. ඒ වගේම වතුකරයේ ද ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. ඒ නිසා මේ වැටුප් වැඩි කිරීමේ වාසිය ආර්ථිකයට ලැබෙනවා.

තෙවනුව තිබෙන්නේ විමධ්‍යගත අයවැයයි. පසුගිය සමයේ සංවර්ධන කටයුතු නැවතුණා. ඒ නිසා කොන්ත්‍රාත්කරුවන්ට සහ සැපයුම්කරුවන්ට ලැබෙන මුදල් අහිමි වුණා. මෙම වසරේදී මෙම මුදල් නැවත ආර්ථිකයට එක් වෙනවා. මීට අමතරව අප කදුරට දශකය ආරම්භ කර තිබෙනවා. කදුකර ප්‍රදේශ මෙතෙක් නිසි ලෙස සංවර්ධනය වෙලා නැහැ. අප ඒ වෙනුවෙන් මුදල් ලබාදීමට කටයුතු කර තිබෙනවා. මෙම මුදලත් වැය කළ විට එයත් රටේ ආර්ථිකයට එක් වෙනවා.

ඒ නිසා රජය ලබා දෙන මෙම සියලු මුදල් නිසි ලෙස වැය කරන ලෙස මම ඉල්ලා සිටිනවා. මෙම මුදල් අදාළ විෂයන් සඳහා යොදවන්න. එවිට මෙම මුදල් රටේ ආර්ථිකයට එක්වෙනවා.

ඒ වගේම ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබාදීමේ “උරුමය” වැඩසටහන අප ක්‍රියාත්මක කර තිබෙනවා. ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවකට මෙමඟින් විසඳුම් ලැබෙනවා. ඒ අනුව පළමු අදියර යටතේ ලක්ෂ 10කට ඉඩම් අයිතිය ලබාදීමේ සියලු කටයුතු මේ වන විට සකස් කර අවසන්. ගැටලු ඇති තැන්වල එම ගැටලු නිරාකරණය කර ගනිමින් එම කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරනවා. ඒ වගේම ජනතාවට ඔවුන් වෙසෙන තට්ටු නිවාසවල අයිතිය ලබාදිමට ද පියවර ගෙන තිබෙනවා.

අපට පවතින ආර්ථික ක්‍රමය තුළ ඉදිරියට යන්න බැහැ. රට බංකොළොත්භාවයෙන් නිදහස් කර ගැනීමට දැන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ගෙවීමට තිබෙන ණය සඳහා අප සහන කාලයක් ඉල්ලා තිබෙනවා. මෙහිදී අප මතක තබා ගත යුත්තේ අපේ අපනයන වලට වඩා ආනයන වැඩි බවයි. ආනයන, අපනයන පරතරය පියවීමට අපට සෑම වසරකම ණය ගැනීමට සිදු වෙනවා. ඒ නිසා අපි සැලැස්මක් අනුව කටයුතු කළයුතුයි.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප සියලුදෙනා දුක් වින්දා. අප නැවත එම තත්ත්වයට පත් වුවහොත් අප සිදු කළ කැපවීම්වල ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අප සියලුදෙනා කැපවිය යුතුයි.”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ රජය ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග ඊයේ (15) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවති සාකච්ඡාවේදීය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan