අපහාසයට බිලියන 20යි,රංගන ශිල්පිණි මහේෂි මදුසංකාට එන්තරාවාසියක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 16, කොළඹ (LNW):තම මාධ්‍ය ආයතනයට හා එහි සභාපති වන තමනට අපහාස කරමින් සමාජ ජාල ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන දහයක් බැගින් බිලියන 20ක වන්දියක් ඉල්ලමින් මෙරට ප්‍රධාන මාධ්‍ය ජාලයක සභාපතිවරයෙකු වන රේනෝ ද සිල්වා විසින් රංගන ශිල්පිණි මහේෂි මදුසංකාට එන්තරාවාසියක් යොමු කර තිබෙන බව වාර්තා වේ.

ඔහුගේ නීතිඥ සමාගම විසින් දැනුම් දී ඇත්තේ, නියම කරන ලද දින ගණන ඇතුළත මෙම මුදල නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරන බවත්ය.

එකී මාධ්‍ය ජාලය විසින් පසුගියදා අවුරුදු කුමාර කුමරිය සදහා තෝරාගැනීම් වට සිදු කළ අතර එහිදී එක් තරගකරුවෙකු සමාජමධ්‍යතුල අපහසුවට ලක්වන අයුරින් එම මාධ්‍ය ආයතනය විසින් ඔහුගේ වීඩියෝවක් සංස්කරණය කරමින් මුදාහළ බවට රංගන ශිල්පිණි මහේෂි මදුසංකා තම මුහුණු පොත හරහා ඒ පිළිබදව එම මාධ්‍ය ආයතනය විවේචනය කරමින් කියා සිටියේය.

කෙසේ හෝ එම වීඩියෝ වෙහි පෙනී සිටින තරුණයා ලයිව් වීඩියෝ වක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ප්‍රශ්නය දුරදිග ගෙනයාම තමන් අපහසුවටපත් වන්නක් නිසා මෙය කිසි සෙත් තමන් දුරදිග ගෙන නොයන බවය.

තමන් යම් අදහසක් පමණක් ප්‍රකාශ කළ බවත් එහෙත් රංගන ශිල්පිනි මහේෂි මදුසංකා පවසන පරිදි මේ හේතුවෙන් තමන් කිසිදු විටක තම ජිවිතයට හානියක් කර ගැනීමට කිසිසෙත් නොසිතන බවත් තමන් මෙම ප්‍රශ්ණයෙන් ඉවත්වන බවත් ඔහු පවසා ඇති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් විපක්ෂය තේරීම් කාරක සභාවක් ඉල්ලයි!

කොළඹ LNW: නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා පාර්ලිමේන්තු...

සබරගමුවේ හිටපු මහ ඇමතිත් කොටුවෙන හැඩ!

කොළඹ LNW: 2014 - 2017 කාලයේ සබරගමුව පළාත් මහ...

බන්ධනාගාරයෙන් ඇසෙන කතා..

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ LNW: ඊයේ (06) අත්අඩංගුවට ගෙන...