(VIDEO)අපේ ආණ්ඩුව වැටුණට පොහොට්ටු පක්ෂය වැටුණේ නෑ. ඒ නිසා තමයි අපිට ඕන කෙනෙක්ම ආපහු ජනාධිපති කළේ – නාමල්

Date:

කොළඹ LNW:පොහොට්ටුව වැටුණු පක්ෂයක් බව කීමට ඇතැමුන් උත්සහ කළද පොහොට්ටුව එලෙස වැටී නැති බවත් වැටුනේ ආණ්ඩුව පමණක බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කුමන්ත්‍රණයකින් ආණ්ඩුව වැටුණද පක්ෂයක් ලෙස නොවැටුණු අතර එලෙස නොවැටීම නිසා අපට අවශ්‍ය කෙනෙක්ම නැවත පාර්ලිමේන්තුවේ කැමැත්තෙන් ජනාධිපති ලෙස පත්කළ බවයි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

පක්ෂයක් ලෙස වැටී සිටියා නම් එලෙස පාර්ලිමේන්තුව තුළ කැමැත්ත පරිදි ජනාධිපතිවරයෙක් පත්කරගැනීමට නොහැකි වන බායි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වත්මන් ආණ්ඩුව නියෝජනය කළද දේශීය ආර්ථිකය ගැන ආණ්ඩුවේ අවධානය අවම බව කණගාටුවෙන් වුවද පැවසීමට සිදුවන බවද නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය ධම්මිකට වත්කම් බැරකම් ගැටළුවක් නිසා කිසිඳු තනතුරක් ලබා ගැනීමට නොහැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පරිපාලනය...

ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට තර්ජනාත්මක ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවට එරෙහිව අමෙරිකානු...

ක්‍රිස් අත එල්ලගෙන ආවත් ඉන්දියාව අල්ලන්න එංගලන්තයට බැරි වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: එංගලන්තය සහ ඉන්දියාව අතර පැවති...