නුසෙයිරාට් සරණාගත කඳවුරට ඊශ්‍රායල් ප්‍රහාර 36ක් මරුට!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 16 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නුසෙයිරාට් සරණාගත කඳවුරට ඊශ්‍රායල හමුදා විසින් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 36 දෙනෙකු මිය ගොස් තිබෙන අතර ඉන් බහුතරයක් පිරිස දරුවන් බව වාර්තා වේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු රෆා නගරයේ සිරවී සිටින මිලියන 1.5ක පමණ පලස්තීනුවන් ඉවත් කිරීමට මේ වන විට සැලැස්මක් අනුමත කර තිබෙන අතර, ඒ අනුව ප්‍රහාර ද සැලසුම් කර ඇති බව පැවසේ,

පසුගිය දා එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජර්මනිය හා නෙදර්ලන්තය ද දැවැන්ත ප්‍රහාරයක් පිළිබඳ අනතුරු අඟවා තිබුණු අතර, ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 31,490 ක් මිය ගොස් 73,439 ක් තුවාල ලබා සිටින බව වාර්තා වේ.

හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1,139 ක් බවද වාර්තා වලඇතුලත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...