ඇමෙරිකාවේදී අපවත් වූ කැනඩාවේ ප්‍රධාන සංඝනායක ගාල්ලේ නාහිමි.

Date:

(රාජකීය පණ්ඩිත , කැනඩාවේ ප්‍රධාන සංඝනායක (ගාල්ල) වැයිහේනේ පඤ්ඤාලෝක මාහිමි වයස 94 ක් ආයු වළදා අපවත්වීම නිමිත්තෙනි)

           දකුණු ලක ගාල්ලේ බද්දේගම වැයිහේන ග්‍රාමයේ වෛද්‍ය මවකට හා වැවිලි පියෙකුට දාව එකම දරුවා ලෙස 1930 දී ජනිතව පෙරපින් බලයෙන් මල්වතු පාර්ශවයේ මහනවූ පඤ්ඤාලෝක මාහිමි ලොවක් ජයගනීවි යයි එදා කිසිවෙකු නොසිතන්නට ඇත.

        ගාල්ලේ විද්‍යාලෝක හා මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන් හි අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ රාජ්‍ය සේවයේ ක්‍රියාකළේ විදුහල්පතිවරයෙකු ලෙසය. අනුරපුර රාජකාරි කරන අවදියේ නවාතැන් ගෙන සිටි වජිරාරාමයේ එවකට නාහිමි ව සිටියේ වත්මන් වොෂින්ටන් DC විහාරාධිපති මහරගම ධම්මසිරි නාහිමිය. හිමිවරු දෙනමගේ සාසනික සේවාව අතිමහත් විය. පඤ්ඤාලෝක මාහිමි පසුව විද්‍යෝදය පිරිවනේ ප්‍රධාන විනය පාළක හා මහරගම ධර්මායතනයේ ජේෂ්ඨ ආචාර්යවරයා ලෙස ද ක්‍රියා කළේය.

     ගාල්ලේ පෝද්දිවෙල ශෛලතලාරාමය පඤ්ඤාලෝක නාහිමි ගේ විහාරය වේ. උන්වහන්සේගේ සේවය ගමට සීමා නොකොට ලෝකයටම ලබාදීමට  1985 දී එංගලන්තයට ගොස් පසුව කැනඩාව බලා සංක්‍රමණය විය. එම සේවය නිසාම කැනඩාවේ ප්‍රධාන සංඝ නායක ධුරයෙන්ද පිදුම් ලැබීය.

       පඤ්ඤාලෝක මාහිමි ග්‍රන්ථ 26 ක කර්තෘවරයෙකි. “වෛදික යුගයෙන් බෞද්ධ යුගයට” හා “වාග් විද්‍යාත්මක සිංහල ව්‍යාකරණය” ඉන් දෙකකි. පණ්ඩිත විභාගයේ විෂය පථයට පවා පඤ්ඤාලෝක මාහිමිගේ එම ග්‍රන්ථ ඇතුලත්වීම විශේෂත්වයකි. පල්ලත්තර සුමනජෝති නාහිමි පවා පඤ්ඤාලෝක මාහිමි සමග ග්‍රන්ථකරණයේදී එකට කටයුතු කොට තිබේ.

            කරුණාව මෛත්‍රිය පරාර්ථය පෙරදැරි කරගත් පඤ්ඤාලෝක මාහිමි ප්‍රතිපත්ති ගරුක සෘජු හා භෞතික සියලු දේ අතහැර සිටි ආදර්ශවත් හිමි නමකි. කැනඩාවේ හා ඇමෙරිකාවේ  අග නගරය වන වොෂින්ටන් හි වාසය කරමින් මහා සාසනික සේවාවක් කල විචිත්‍ර ධර්ම දේශකයෙකු වූ උන්වහන්සේගේ අභාවය ශ්‍රී ලංකාව හා බෞද්ධ ලෝකයටම පිරිමැසිය නොහැකි පාඩුවකි.  මා තානාපතිව සිටි වසර 02 තුළ උන්වහන්සේගෙන් අනුශාසනා ලබා ගැනීමට ලැබීම මහත් භාග්‍යයකි. වසර 40 ක ජාත්‍යන්තර සාසනික සේවාවෙන් බුදුදහම ප්‍රචලිත කිරීම, බණ හා භාවනා තුළින් ඇමෙරිකානු සමාජය පවා සුමගට ගැනීමට ගත් උත්සාහය අගයමි. එසේම ශ්‍රී ලංකාවට අදාළව කල සමාජ සේවා කටයුතු ද ඉමහත්ය. ඉතා සෞඛ්‍ය සම්පන්නව ක්‍රියාකල  ද ලෝක ධර්මතාව මත හදිසියේ අපවත්වූ උන්වහන්සේට නිවන් සුව පතමි.

    මහින්ද සමරසිංහ.

    (ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව සීමා නිර්ණ කමිටුවට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:2012 සහ 2021 දී පත් කරන ලද කමිටුවල...

පාතාලය කැළඹුනාට ජතික ආරක්ෂවට ප්‍රශ්නයක් නැහැ – ආරක්ෂක ලේකම්

කොළඹ LNW:ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී...

ඕස්ට්‍රේලියාව සහ ජපානය යුද නැව් සඳහා විශාලතම ආරක්ෂක ගිවිසුමකට!

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාව සහ ජපානය...

කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC අත්අඩංගුවට?

අල්ලස් ලබා ගැනිමට යෑමේදි, කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC...