ජනාධිපතිවරණයකදී අතේ සහාය කිසිසේත්ම රනිල්ට නෑ – වැ.බ. මහලේකම් කියයි

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයකදී කිසිසේත්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා නොදෙන බවත් තමන් ප්‍රමුඛ සන්ධානයෙන් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවත් එම පක්ෂයේ වැඩබලන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාරථී දුෂ්මන්ත මහතා පවසයි.

“මේ රටේ මිනිස්සු ඉතිහාසගත තීන්දුවක් ගැනීමේ දොරකඩ තමයි මේ ඉන්නෙ. ඉදිරි හය මාසයක කාලය ඉතාමත් වැදගත් වෙනවා. මේ යන විදියට පාර්ලිමේන්තු ඡන්දයක් තිබ්බොත් එහෙම සීසීකඩ ගිය ප්‍රතිඵලයක් තමයි එන්නෙ. කාටවත් 113 ගන්න පුළුවන්ද ? ගන්න බෑ. ජනාධිපතිවරණයකදී බොහොම පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් වික්‍රමසිංහ මහත්තයාටවත්, සජිත් ප්‍රේමදාස මහත්තයාටවත්, අනුර කුමාර දිසානායක මහත්තයාටවත් අපි උදව් කරන්නෙ නෑ. ඒක අපි බොහොම පැහැදිලිව කියන්නට ඕනෙ. අපි මොකටද මේ වෙන වෙන අපේක්ෂකයින්ට උදව් කරන්නෙ ? අපට බොහොම පැහැදිලිවම අපේ අපේක්ෂකයෙක් ඉන්නවා. අපි හොඳ වෙලාවට ඒක එළියට දානවා. මේ සන්ධානය හදන හින්දා අද සමහර පක්ෂවල උදවිය භූමිතෙල් වැදුණු ගැරඬි වගේ දඟලන්නෙ ඔන්න ඔය කාරණාව හින්දා. ඉතින් අවශ්‍ය වෙලාවට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධානව හදන සන්ධානයේ කවුද ජනාධිපති අපේක්ෂකයා කියලා කියනවා ජනාධිපතිවරණයක් ආවොත්”

සාරථි දුෂ්මන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති ශ්‍රීලනිප දෙවිනුවර ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...