සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 18, කොළඹ (LNW): හරීන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම්වලට ද අනුග්‍රහයේ දෑත් දිගු කරන ලෙස එල්පීඑල් අනුග්‍රාහකයින්ගෙන් ඉල්ලා ඇති බව දැන ගන්නට ඇත.එය වැදගත් පියවරකි.මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින සංවිධානයක් ද නෙට්බෝල් ලීග් තරගාවලියක් ඇරඹීමට පියවර ගෙන ඇත.ශ්‍රී ලංකා නෙට්බෝල් පරිපාලනයේ ආශිර්වාදය ද සහිතව,එම පරිපාලනයේ හෝ ක්‍රීඩා අමාත්‍යංශයේ හෝ වෙනත් සංවිධානයක හෝ ජාත්‍යන්තර හෝ දේශීය නීති පද්ධතියකට අනුව ක්‍රීඩාවේ වැරදි ලෙස කටයුතු කළ බවට චෝදනා එල්ල වූ දඩුවම් ලැබුණු හෝ එවැන්නකට සම්බන්ධ කිසිවෙක් මේ ලීගයේ වගකීමකට ඇතුළත් කර නො’ගන්නට එම සංවිධානය කල්පනාකාරි වී ඇත.
එහෙත් හරීන් ප්‍රනාන්දුගේ උත්සාහය සම්බන්ධයෙන් ඊට මැදිහත්වීමට පෙරට එන පුද්ගලයින්,ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයින් එසේ නොවන බවට පැහැදිළි සාක්ෂි ඇති නිසා හරීන්ගේ රග්බි උත්සාහය, ඔහු බලාපොරොත්තු වන රටට අත් කර දෙන්න උත්සාහ කරන උත්සාහක දිණුම වැළකී,රටටම එරෙහිව ලැබෙන දඩුවම් උත්සාහක ලකුණක් (Penalty try) වීමේ අවදානමක් ද පවතින බව පැහැදිළිය.
මේ දිනවල ක්‍රීඩා අමාත්‍යංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ලිපිගොනුවලටත් එබෙමින් එහිම ගත කරන ඇතැම් රග්බි වරදකරුවන් සහ ක්‍රීඩාවේ අසාර්ථක වූවන් දේශපාලන ආශිර්වාදය ඇතිව ජාතික මට්ටමෙන් හිස දමා ගැනීමට,ව්‍යාපාරික ලීලාවෙන් විවිධ රගර් ව්‍යාපෘති දියත් කිරීමට ක්‍රීඩා ඇමතිගේ නම පටලවා ගැනීමට බිලී කොකු වීසි කරමින් සිටින බව දැන ගන්නට ඇත.මේ මොහොත වන විටත් ඒ සුරංගනා කතාවල චරිත වී, කුමාර ඇඳුම්වලට ප්‍රිය වී හරීන් ප්‍රනාන්දු ද පොට පටලවාගෙන ඇද්දැයි අපි තවමත් නොදන්නෙමු.
එහෙත් නිවැරදිව මේ දේ කිරීමටනම් අපි අමාත්‍යවරයාට යෝජනා කරන්නේ රග්බි සංගමයේ නිලධාරීන් හෝ රග්බි පරිපාලනය විසින් නෙරපා හරින ලද අය සමග වැඩ කිරීමට ඩීල් දමා ඇද්ද යන්න සොයා බලන ලෙසය.එසේම ශ්‍රී ලංකා රග්බි ණය කිරීම නිසා ප්‍රතික්ෂේප වූ පිරිස් ආසියාව හරහා ලෝකයටම කොක්ක වීසි කර ව්‍යස්ථාව වෙනස් කර නැවත බලයට එන්නට උත්සාහ කරන්නේ ද යන්න විමසා බැලිය යුතුය.එසේම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සම්මේලනයේ තහනමට සහ දඬුවමක් ලෙස දඩයකට යටත් කරන්නට මුල් වූ පිරිස් ආසියාවේ ද වැජඹෙමින් සිටින්නේ එම ජාත්‍යන්තර දඬුවම පාදක කරගෙන ශ්‍රී ලංකාවේ අඩුම තරමේ නිදහසට කරුණු විමසා ලිපියක් හෝ යොමු කරන්නට කිසිඳු වගකිව යුත්තෙක් කටයුතු කර නොතිබෙන නිසාය.එවැනි තත්ත්වයක දී ක්‍රිඩා අමාත්‍යවරයාට ඒ පුද්ගලයින් සම්බන්ධයෙන් කිව හැකි ජනප්‍රියම ප්‍රලාපය අපි බොහො ක්‍රීඩා ඇමතිවරුනගෙන් අසා ඇත්තෙමු.හරීන් අමාත්‍යවරයා ද එයම කියයි ද අපි නොදනිමු.
එම වචන කිහිපයනම් “මගේ කාලේ වුණ ඒවා නෙමෙයිනෙ.”
එහි අරුත ඕනෑම වැරදිකාරයෙක්ට තමුන්ගේ කාලේ වැරදි නොකළේනම් පරිපාලනයට එන්න ඉඩ ඇති බවය.වගකීම් දරන්නට ඉඩ ඇති බවය.තමන්ද දඬුවම් නොදී එදා කළ වැරදිවලටත් එක්කම ආශිර්වාද කරන බවය.එහි ඇත්තනම් නිවැරදි නොවී වැරදිම එකිනෙකාගේ අතට මාරු වන බවය.
ඇත්තටම හරීන් කුමක් කරයිද? ප්‍රශස්ති ගයමින් වන්දිභට්ට චරිතවලට අඳිමින් මේ සූදානම් වෙන්නේ ඇමති ඇගයීමට නොව, තමන්ගේ ගිණුමට පාරක් කපා ගන්නය.
අපි විමසිල්ලෙන් බලා සිටිමු.
හරීන් කුකුළන් ගෙන, බලා ගන්න නරින්ට භාර දෙයි ද?