කෝවිලක පූජාවක් පවත්වමින් සිටි තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව සජිත් පාර්ලිමේන්තුවේදී හඬනඟයි

Date:

වව්නියාවේ හින්දු කෝවිලක වන්දනාමාන සිදු කළ තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම අනුමත කළ නොහැකි බවත් මෙරට ආගමික නිදහස දකුණට මෙන්ම උතුරේ ජනතාවට ද අයිතියක් ඇති බවත් එය මානව හා මූලික අයිතියක් බැවින් එම නිදහස සුරැකිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසිය.

වව්නියාවේ හින්දු කෝවිලක පුජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභාගර්භයේ දී විරෝධතාවයක නියැලු‍ණි. මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

ජාති ආගම් කුලමල භේදයකින් තොරව ආගමික හා භාෂණයේ නිදහස ඇති බවත් එය මූලික හා මානව අයිතියක් බවත් පන්සලක්, පල්ලියක් හෝ කෝවිලක් වේවා කුමන ආගමික ස්ථානයක වුවත් ආගමික කටයුතු කිරීමේ අයිතියත් ඇති බැවින් මෙම ආගමික නිදහස ආරක්ෂා කිරීමේ අරමුණින් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...