වේල්ස් කුමරිය පිළිකා සඳහා ප්‍රතිකාර ලබමින් සිටියි (video)

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 23,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වේල්ස් කුමරිය මුල් අදියරේ පිළිකාවක් වෙනුවෙන් ප්‍රතිකාර ආරම්භ කර ඇති බව වීඩියෝ සබැඳියක් හරහා සඳහන් කර තිබේ.

වේල්ස් කුමරිය පසුගිය මස දෙක තුළ ඇය දක්නට නොලැබුන අතර බොහෝ දෙනා ඩයනා කුමරිය මෙන් ඇයද මිය ගිය බවට පවා කට කතා ප්‍රචාරය කර තිබිණි.

කෙසේ නමුත්, වේල්ස් කුමරිය වීඩියෝ සබැඳියක් මඟින් සඳහන් කර තිබුණේ, පසුගිය ජනවාරි මාසයේදී උදර සැත්කමක් කළ විට පිළිකාවක් ඇති බව නොදැන සිටි බවත්, ශල්‍යකර්මයෙන් පසුව කරන ලද පරීක්‍ෂණවලින් පිළිකාවක් ඇති බව සොයා ලද බවත් වෛද්‍ය උපදෙස් මත රසායනික චිකිත්සක පාඨමාලාවක් ආරම්භ කර ඇති බවයි. මෙය දැනගත් වහාම ඈ මහත් කම්පනයට පත්වූ නමුත් ‘මම හොඳින් සිටින අතර සෑම දිනකම ශක්තිමත් වෙමින් සිටිමි’ යැයි කුමරිය වැඩි දුරටත් සඳහන් කර තිබුණි.

රසායනික චිකිත්සක ප්‍රතිකාරය පෙබරවාරි මස අගදී ආරම්භ කර තිබු අතර කෙන්සිංටන් මාලිගාව පවසන්නේ පිළිකා වර්ගය ඇතුළු තවත් පුද්ගලික වෛද්‍ය තොරතුරු බෙදා නොගන්නා බවයි.

කෙසේ නමුත් වේල්ස් කුලරියගේ මෙම ප්‍රකාශයත් සමඟ ලොව නන් දෙසින් ඇයට සෞඛ්‍යය සහ සුවය ප්‍රාර්ථනා කර සුබ පැතුම් ගලා එන බවයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

වීඩියෝ සබැඳිය පහතින් :

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...