හොඳම වැඩේ තමයි බැසිල් යෝජනා කරලා තියෙන්නේ – බැසිල්ගේ යෝජනාවට මහින්දත් එකඟ වෙයි !

Date:

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීම වඩාත් සුදුසු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් පවසයි.

ප්‍රශ්නය – ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය තියෙන්න ඕනෙ කියලා බැසිල් රාජපක්ෂ මහත්තයා යෝජනා කරලා තියෙනවා ?

“ඕනෙම මැතිවරණයකට අපි සූදානම්. හැබැයි හොඳම වැඩේ තමයි බැසිල් මහත්තයා ඔය යෝජනා කරලා තියෙන්නෙ මුලින් පාර්ලිමේන්තු මැතිවරණය තියලා ඊටපස්සෙ පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න. මොකද නැත්නම් වෙන්නෙ ජනාධිපතිවරණයෙන් දිනන ඕනෙම පක්ෂයකට මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල ජයග්‍රහණයක් ඇතිවෙනවා. ඉතින් සාධාරණත්වයක් රටේ ඇතිවෙන්න ඕනෙ නම් මුලින් මහමැතිවරණයක් තියලා ජනාධිපතිවරණය තියන්න ඕනෙ”

ප්‍රශ්නය – කෝප් කමිටුවේ සාමාජිකයින් ඉවත්වෙලා යනවා. මේ ගැන ඔබතුමාගේ අදහස මොකක්ද ?

“ඔව් ඉතින් ඒ අයට ඉන්න බැරි නම් යන්න එපැයි”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) අනුරාධපුර, ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...