හොඳම වැඩේ තමයි බැසිල් යෝජනා කරලා තියෙන්නේ – බැසිල්ගේ යෝජනාවට මහින්දත් එකඟ වෙයි !

Date:

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීම වඩාත් සුදුසු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් පවසයි.

ප්‍රශ්නය – ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය තියෙන්න ඕනෙ කියලා බැසිල් රාජපක්ෂ මහත්තයා යෝජනා කරලා තියෙනවා ?

“ඕනෙම මැතිවරණයකට අපි සූදානම්. හැබැයි හොඳම වැඩේ තමයි බැසිල් මහත්තයා ඔය යෝජනා කරලා තියෙන්නෙ මුලින් පාර්ලිමේන්තු මැතිවරණය තියලා ඊටපස්සෙ පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න. මොකද නැත්නම් වෙන්නෙ ජනාධිපතිවරණයෙන් දිනන ඕනෙම පක්ෂයකට මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල ජයග්‍රහණයක් ඇතිවෙනවා. ඉතින් සාධාරණත්වයක් රටේ ඇතිවෙන්න ඕනෙ නම් මුලින් මහමැතිවරණයක් තියලා ජනාධිපතිවරණය තියන්න ඕනෙ”

ප්‍රශ්නය – කෝප් කමිටුවේ සාමාජිකයින් ඉවත්වෙලා යනවා. මේ ගැන ඔබතුමාගේ අදහස මොකක්ද ?

“ඔව් ඉතින් ඒ අයට ඉන්න බැරි නම් යන්න එපැයි”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) අනුරාධපුර, ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...