රුසියාවට අද ජාතික ශෝක දිනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 23 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ISIS ත්‍රස්ත සංවිධානය තුරන් කිරීමට එක්වන්නැයි   Antonio Guterres  ලෝක නායකයින්ගෙන් ඉල්ලීමක් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද, එක්සත් ජාතීන්ගේ මහලේකම්  Antonio Guterres  පවසන්නේ, ත්‍රස්ත සංවිධානය සැලකිය යුතු ගෝලීය තර්ජනයක් බවයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඊජිප්තුවේදී ඒ බව සඳහන් කළේ , රුසියාවේ මොස්කව් අගනුවර ඊයේ සිදුවූ වෙඩි තැබීම හෙළා දකිමිනි. තුවක්කුකරුවන් පිරිසක් මොස්කව් නුවර ප්‍රසංග ශාලාවකට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 133කට දිවි අහිමි විය.  ඉන් තුවාල ලැබූ පිරිස 150 කට අධිකයි. ප්‍රහාරය එල්ල වන විට එම ශාලාව තුළ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 6200 කි.

අද (24) රුසියාවට දිවි අහිමිවූවන් සිහිකරමින් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇති බවද වාර්තා වේ.

ප්‍රහාරයට සම්බන්ධ තුවක්කුකරුවන් හතර දෙනා ඇතුලුව 11 දෙනෙකු මේ වනවිට රුසියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගත් බව සඳහන් වේ.

ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට දැඩි දඬුවම් ලබා දෙන බව  රුසියානු ජනාධිපති විලැදිමීර් පුටින් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙත්මි අවසන් පූර්ව වටයට

නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

ආගමන විගමන පාලක ජනරාල්ගෙන් දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : එක්දින සේවය...

පක්ෂයට පිටින් ගිය පොහොට්ටුවේ නියෝජ්‍ය නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති...