අවුරුද්දට කලින් මත්පැන් මිලත් අඩුකරගන්න තමයි අපේ බලාපොරොත්තුව – චාමර සම්පත්

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 26, කොළඹ (LNW): බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසා සිටියේ, සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ,

“මත්පැන් අඩුකරන්න ඕන බඩුමිල අඩුවෙන්න ඕන. හැමදෙයක්ම අඩුවෙන්න ඕන. විශේෂයෙන්ම මත්පැන් මිලත් අවුරුද්දට ඉස්සරවෙලා අඩුකරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ජනප්‍රිය තීන්දු මෙච්චර කල් ගත්තෙත් නෑ ගන්නෙත් නෑ. ජනප්‍රිය තීන්දු ගන්න ගිහිල්ලා තමයි අපි පහුගිය කාලේ ඩොලර් 200ට වැටිලා මේ රට අන්ධපකීර් වෙලා කෙළවගත්ත වෙලාව මතකයි නේ ඔයගොල්ලන්ට. ඒ හින්දා ජනප්‍රිය තීන්දු ගන්නේ නෑ.” ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...