රජරට සරසවියෙන් වාර්තාවක් – පුල්මුඩෙන් සර්කොනියම් හමුවෙයි!

Date:

කොළඹ LNW:ජෙට් සහ ගුවන් යානා එන්ජින් ඇතුළු අධික උෂ්ණත්වයට ඔරොත්තු දිය හැකි භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගන්නා මූලද්‍රව්‍යක් වන සර්කොනියම් සෙරමික් මූලද්‍රව්‍යය මෙරට පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙන් පළමු වරට සොයා ගෙන තිබේ.

ඒ රජරට විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සිදු කළ පර්යේෂණයක දීය. එම මූලද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය පේටන්ට් බලපත්‍රයද හිමිව ඇත්තේ ද රජරට විශ්ව විද්‍යාලයට යි.

ආවර්තිතා වගුවේ 40 වැනි මූලද්‍රව්‍ය වන සර්කෝනියම් ඉතා දැඩි උෂ්ණත්වයකට පවා ඔරොත්තු දිය හැකි මූලද්‍රව්‍යයක් වන අතර මෙම මුලද්‍රව්‍යය උපයෝගී කරගනිමින් ජෙට් සහ ගුවන් යානා එන්ජින්,සෙරමික්,බල්බ පිලමන්ට් නිෂ්පාදනය සිදුකෙරෙයි.

අස්ථි සැක්කම් සහ දන්ත සැත්කම් ආදිය සඳහාද සර්කෝනියම් උපයෝගී කරගනු ලබන බව සඳහන්.

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සර්කෝනියම් මූලද්‍රව්‍යය සොයාගෙන නොතිබූ අතර රජරට විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකින් එම මූලද්‍රව්‍ය මෙරට පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙන් සොයා ගැනීමට සමත් වී ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...

මා වැඩ කළේ අමාත්‍යාංශ ලේකම්ගේ උපදෙස් අනුවයි – වරද පිළිගත් ආගමන විගමන පාලක අධිකරණයේදී කළ ප්‍රකාශය

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය සමාගම් දෙකකට ලබාදීම...

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...