වෙද උපාධි කඩවලට විරෝධය දක්වමින් වෛද්‍ය සිසුන් විරෝධතාවේ! (PHOTOS)

Date:

කොළඹ LNW:වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් අද (27) පස්වරුවේ කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ආණ්ඩුවේ කරමතින් එන නිදහස් අධ්‍යාපනය වනසන වෙද උපාධි කළු කඩ ගෙන ඒමේ කුමන්ත්‍රණය පරදවමු,ජපුර වෛද්‍ය පීඨයට අනුබද්ධිත හෝමාගම රෝහල යෝජිත NSBM වෙද උපාධි කඩයට විකිණීමේ කැබිනට් තීරණය වහා හකුළා ගනු,මොරටුව, සබරගමුව, වයඹ ඇතුළු සියලු වෛද්‍ය පීඨවල ගැටලු වහා විසඳනු යන තේමාවන් මුල් කරගනිමිනුයි එම විරෝධතාව පැවැත්වුණේ.

බොරැල්ලේ සිට මරදාන දෙසට විරෝධතාව ගමන් කළ අතර පොලීසියද මෙන්ම ජල හා කඳුළු ගෑස් රථ ද යොදවා තිබෙන අයුරු දක්නට ලැබුණි.

මරදානින් කොටුව දෙසට යාමට නොහැකි වන ලෙස පොලීසිය යොදවා තිබුණු අතර ශිෂ්‍යයින් ද ඉදිරියට ගමන් නොකළ අතර ඔවුන් මරදානින් විරෝධතා පාගමන අවසන් කර රැළිය පවත්වා විරෝධතාව අවසන් කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...

ශිරන්තිගේ සහෝදරයා රිමාන්ඩ් !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත්...

කැස්පියන් මුහුද වේගයෙන් හැකිලේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නේචර් සඟරාව මඟින්...