වෙද උපාධි කඩවලට විරෝධය දක්වමින් වෛද්‍ය සිසුන් විරෝධතාවේ! (PHOTOS)

කොළඹ LNW:වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් අද (27) පස්වරුවේ කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ආණ්ඩුවේ කරමතින් එන නිදහස් අධ්‍යාපනය වනසන වෙද උපාධි කළු කඩ ගෙන ඒමේ කුමන්ත්‍රණය පරදවමු,ජපුර වෛද්‍ය පීඨයට අනුබද්ධිත හෝමාගම රෝහල යෝජිත NSBM වෙද උපාධි කඩයට විකිණීමේ කැබිනට් තීරණය වහා හකුළා ගනු,මොරටුව, සබරගමුව, වයඹ ඇතුළු සියලු වෛද්‍ය පීඨවල ගැටලු වහා විසඳනු යන තේමාවන් මුල් කරගනිමිනුයි එම විරෝධතාව පැවැත්වුණේ.

බොරැල්ලේ සිට මරදාන දෙසට විරෝධතාව ගමන් කළ අතර පොලීසියද මෙන්ම ජල හා කඳුළු ගෑස් රථ ද යොදවා තිබෙන අයුරු දක්නට ලැබුණි.

මරදානින් කොටුව දෙසට යාමට නොහැකි වන ලෙස පොලීසිය යොදවා තිබුණු අතර ශිෂ්‍යයින් ද ඉදිරියට ගමන් නොකළ අතර ඔවුන් මරදානින් විරෝධතා පාගමන අවසන් කර රැළිය පවත්වා විරෝධතාව අවසන් කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...