ලෝකය සමඟ බර උස්සන්න ලංකාවෙන් තිදෙනෙක්

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 28, කොළඹ (LNW): ලෝක බර ඉසිලීමේ සම්මේලනය සංවිධානය කරන ලෝක සූරාත බර ඉසිලීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ එක් ක්‍රීඩිකාවක් ඉදිරිපත් වෙනවා.ඔලිමිපික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂවෙන් මෙසේ මෙම තරගාවලිය ඉදිරිපත් කරන්නේ ඉන්දික දිසානායක,ඩිලංක ඉසුරු කුමාර සහ හර්ෂණී ගෝමස් යන තිදෙනායි.
තායිලන්තයේ පුකෙට් හී පුකෙට් රාජාභාද් විශ්වවද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවත්වෙන ලෝක කුසලාන බර ඉසිලීමේ තරගාවලිය මාර්තු 31 වන දා ඇරඹෙන අතර නිමාවීමට නියමිතය ඇත්තේ අප්‍රේල් 11 වන දා යි.


දකුණු තායිලන්තයේ සංචාරක කර්මාන්තය හා බැදුණු දකුණ දෙසට වන්නට ඇති අන්දමන් සයුර ආශ්‍රිත දූපතක් වන පුකෙට් හරහා තායිලන්තය සිය සංචාරක ආකර්ශණය පුළුල් කර ගැනීමට මේ තරගාවලියේදී සහභාගි වන්නන්ට ඉහළම සත්කාර කිරීමට නොපැකිළිය ඉදිරිපත් වනු නිසැකයි.
තායි මුහුදේ ශක්තිය පෙන්වීම සඳහා සිය තරගාවලියේ සුරතලා හරහා ද උත්සාහ කර තිබෙන තායිලන්තය,මෙහිදී Tao Nu” නම් ඉබ්බාව සුරතලා ලෙස ප්‍රසිද්ධ කර තිබෙනවා.


මේ සටහන සමඟ දැක්වෙන්නේ තරගාවලිය සංඛේතවත් කරන තරගාවලියේ සංඛේතය සහ තරගාවලියේ සුරතලායි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...