සජිත්ගේ “සක්වල” 136 වැනි ස්මාර්ට් පන්ති කාමරය නැදුන්කේර්නි ඔලුමඩු දෙමළ විද්‍යාලයට (VIDEO)

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන “සක්වල” සුහුරු පන්ති කාමර වැඩසටහනේ 136 වැනි අදියර යටතේ වන්නි දිස්ත්‍රික්කයේ, වව්නියාව, නැදුන්කේනි ඔලුමඩු දෙමළ මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීම ඊයේ (28) සිදුකෙරිණි.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී එම පාසලට ලබාදුන් සුහුරු පන්ති කාමර උපකරණවල වටිනාකම රුපියල් ලක්ෂ 10කි.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 86ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 136ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1368ක් වැය කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...

මහකන්නයට දියවර:ලහි ලහියේ වැඩ අවසන් වෙන බදුල්ලේ වාරි පද්ධති! (PHOTOS)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:"දිට්වා" පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ...