*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

ඔබගේ මාසික වැටුපත් රු.68,000ක් ද?

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 29, කොළඹ (LNW): ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙරට නිල දරිද්‍රතා රේඛාව සම්බන්ධයෙන් 2024 වසර සඳහා සිදුකළ සමීක්ෂණයකදී එය අනාවරණය වී ඇත්තේ, මෙරට එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට අවම වශයෙන් රුපියල් 17,014ක මුදලක් වැය වන බවයි.

එම වාර්තා තවදුරටත් සඳහන් කරන්න්, 4 දෙනකුගෙන් යුත් පවුලක සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට අවම වශයෙන් රුපියල් 68,056 මුදලක් අවශ්‍ය බවයි.

එම සමීක්ෂණයට අනුව කොළඹ ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා අවම වශයෙන් මසකට රුපියල් 18,350ක මුදලක් වැය වන අතර, මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට රුපියල් 16,248ක මුදලක් වැය වනු ඇති බවයි.

එය මෙරට දිස්ත්‍රික්ක 25 අතරින් එක් පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා වැය වන අඩු ම මුදල බවද සඳහන් වේ,

2023 වසරේදී සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට රුපියල් 16,524ක අවම මුදලක් වැයවී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර, මෙම 2024 වසරේදී එම වියදම රුපියල් 17,014ක් දක්වා රුපියල් 490කින් වැඩි වී ඇති බව වාර්තා වේ.

තවද, කොළඹ ප්‍රදේශයේ ජීවත්වන එක් පුද්ගලයකු සඳහා වැය වන වියදම ද පෙර වසරට (2023) සාපේක්ෂව මෙම (2024) වසරේදී රුපියල් 17,821 සිට රුපියල් 18,350 දක්වා රුපියල් 529කින් වැඩි වී තිබේ.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දත්ත අනුව 2019 වසරේදී සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා එක් පුද්ගලයකුට වැය වී ඇත්තේ රුපියල් 6,966ක මුදලක් වන අතර, වසර 5ක කාලය ඇතුළත එක් පුද්ගලයෙකු සඳහා වැය වන වියදම රුපියල් 6,966 සිට රුපියල් 17,014 ක් දක්වා රුපියල් 10,048ක මුදලකින් වැඩි වී ඇති බව පැවසේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan