ප්‍රධාන රෝහල් පහක වැඩවර්ජනයක් !

Date:

වෛද්‍යවරුන්ට ලබාදෙන DAT දීමනාව හා සමාන දීමනාවක් තමන්ටත් ලබාදෙන ලෙස ඉල්ලමින් අද (10) දිනයේදී සංකේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

ඒ අනුව, තෝරාගත් රෝහල් පහක අද උදෑසන 06.30 සිට මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන අතර අද දිනයේදී මෙම ගැටලුවට විසඳුමක් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් අසමත් වුවහොත් හෙට (02) දිනයේ සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි එම සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ.

“දිවයිනේ සියලු රෝහල්වල පැය 4ක වැඩ වැරීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කරලා තිබුණා. නමුත් අද දවසේ ජනාධිපති කාර්යාලයෙන් සාකච්ඡාවකට කතා කරලා තියෙනවා. මේ හේතුව නිසා අපි තීරණය කළා දිවයින පුරා වර්ජනය වෙනුවට රෝහල් 5ක් දක්වා සීමා කරන්න. ඒ අනුව මහනුවර, අනුරාධපුර, රත්නපුර, කුරුණෑගල සහ බදුල්ල යන රෝහල්වල අද උදෑසන 6.30 සිට වර්ජනය ආරම්භ කරනවා. අද විසඳුමක් ලැබුණේ නැත්නම් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරනවා”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...