සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වර්ජනය පැය 24 කින් කල්දමයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 01, , කොළඹ (LNW): සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වර්ජනය පැය 24 කින් කල්දමයි. රෝහල් 10 ක හෙට උදෑසන 6.30 සිට සේවාවෙන් ඉවත්වීමේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

අද දවසේ පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපති කාර්යාලයේ සාකච්ඡාව හදිසි කාරණාවක් නිසා හෙට සවස දක්වා කල් තැබූ බව සෞඛ්‍ය ලේකම්වරයා විසින් දැනුවත් කොට ඇති අතර, මේ හේතුව නිසා හෙට දිනට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය පැය 24කින් කල් තැබීමට සෞඛ්‍ය වෘත්තීය සබඳි සන්ධානය තීරණය කරන ලද බව පැවසේ.

එසේම හෙට උදෑසන 6.30 සිට රෝහල් 10 ක පැය හතරක සේවාවෙන් ඉවත් වීමේ වාදන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව පැවසේ.

  1. ශ්‍රී ලංකා ජාතික රෝහල
  2. කරාපිටිය ශික්ෂණ රෝහල
  3. යාපනය ශික්ෂණ රෝහල
  4. මඩකලපුව ශික්ෂණ රෝහල
  5. පේරාදෙණිය ශික්ෂණ රෝහල
  6. කෑගල්ල මහ රෝහල
  7. පොළොන්නරුව මහ රෝහල
  8. ත්‍රිකුණාමලය මහ රෝහල
  9. වව්නියාව මහ රෝහල
  10. මන්නාරම මූලික රෝහල ඒවාට අයත් රෝහල් බව දන්වා සිටී.

ඉදිරි පැය කීපය අතුලත මෙම ගැටලුව විසදුමක් නොලැබේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරනවා හැර වෙනත් විකල්පයක් නොමැති බව සන්ධානය දන්වා සිටී.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...