ලංකාව ලෝක සිතියමට දිව්‍ය ලෝකයෙන් වැටුණු කෑල්ලක්. මොනවද මේකෙ නැත්තෙ ? – හඳුන්නෙත්ති

Date:

මීළඟට එන ජාතික ජන බලවේගයේ රජයක් යටතේ හොරකම සම්පූර්ණයෙන්ම නතර කර, හොරුන් නීතිය හමුවට පමුණුවා, ඔවුන් සොරකම් කළ මහජන ධනය නැවතත් මහජනතාවටම ලබාදෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“හොරකම නතර නොකර මේ රට හදන්න බෑ. අපි එදත් කියනවා, අදත් කියනවා, හෙටත් කියනවා ඒක. කියනවා විතරක් නෙවෙයිඅපි ඊළඟට හදන ප්‍රගතිශීලී පාලනය සහතිකයක් දෙනවා මේ රටේ ජනතාවට සහතිකයක් දෙනවා ඔබවහන්සේලා ඉදිරියේ, හොරකම නතර කරනවා, නීතිය ක්‍රියාත්මක කරනවා, මහජනතාවගෙන් අත්පත් කරගත්තු සියලු ධනය නැවත මහජනතාවට පවරනවා. හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන් හොරකම් නොකරන මිනිහෙකුට විතරයි. වෙන කාටවත් බෑ. ඒ සහතිකය අපි ඔබවහන්සේලාට දෙනවා. මේ රට හදන්න, ආර්ථිකය හදන්න අපට ඕනෙ. මේක දිව්‍යලෝකෙන් වැටිච්ච කෑල්ලක් වගේ රටක්. ලෝක සිතියමට දිව්‍යලෝකෙන් වැටිච්ච කෑල්ලක් තියෙනවා නම් කොහේහරි, ඒක මේ ශ්‍රී ලංකාව. දිස්ත්‍රික්ක 25 රටවල් 25ක් වගේ. ත්‍රිකුණාමලේ තියෙන සම්පත් නෙවෙයි හම්බන්තොට තියෙන්නෙ. හම්බන්තොට තියෙන සම්පත් නෙවෙයි මාතර තියෙන්නෙ. මාතර තියෙන සම්පත් නෙවෙයි අනුරාධපුරේ තියෙන්නෙ. කල්පනා කරලා බලන්න. තේ ටික තියෙනවා, කුරුඳු ටික තියෙනවා, රබර් ටික තියෙනවා, සංචාරක කර්මාන්තය තියෙනවා, මොනවද නැත්තෙ ? හම්බන්තොට කිරි ටික තියෙනවා, මුළු දකුණු පළාතෙම දරුවන්ට දෙන්න පුළුවන්. බඩගින්නෙ මැරෙන්න ඕනෙ නෑ මේ රටේ මිනිස්සු”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මහසඟ සමුළුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

City of Dreams Sri Lanka හි මහා විවෘත කිරීමේ උත්සවයට කින්ග් ඛාන් පැමිණේ ද?

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW):බොලිවුඩයේ කින්ග් ඛාන් 2025...

දෙහිඅත්තකණ්ඩිය සභාවේ බලය සජබෙට!

කොළඹ LNW: දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමඟි...

ශ්‍රීලන්කන් හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි!

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ...

ඉන්දියාවේ මීලඟ අත්හදා බැලීම!

රෂිකා හෙන්නායක ජූලි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නවීන බංකර්-බස්ටර් අවියක්...