තායිවානයට ඔබ්බෙන් රිච්ටර් මාපකයේ 7.5 ක ප්‍රබල භූ කම්පනයක් : ජපානය, තායිවානය, පිලිපීනය සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, අප්‍රේල් 03,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිවානය ආසන්නයේ රික්ටර් මාපක 7.5 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පනයක් ඇති වීමෙන් අනතුරුව ජපානය, තායිවානය, පිලිපීනය සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ.

වසර 25කට පසු තායිවානයේ සිදු වූ ප්‍රබලතම භූමිකම්පනය මෙය වන බව තායිපේ භූ කම්පන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Wu Chien Fu ප්‍රකාශ කර ඇති අතර ප්‍රධාන භූ කම්පනයෙන් අනතුරුව මිනිත්තු 15කට පමණ පසු අගනුවරට පසු කම්පන මාලාවක් දනී ඇති අතර ඊළඟ පැයේදී එය දිගටම පැවති තිබේ. මෙම භූමිකම්පාව දිවයින පුරා දැනී ඇති අතර, සමහර ගොඩනැගිලි ඒවායේ අත්තිවාරමෙන් සෙලවී ඇති ආකාරය සහ දිවයිනේ නැගෙනහිර කොටසේ නාය ගොස් තිබේ.

ජපානයේ නිරිතදිග වෙරළ තීරයේ ඔකිනාවා දූපත, මියාකොජිමා දූපත සහ යායමා දූපත අවට ප්‍රදේශවල පදිංචිකරුවන් මීටර් 3 (අඩි 9.8) පමණ උස සුනාමි රළ ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය නිවේදනය කර ඇති අතර එම ප්‍රදේශ වලින් වහාම ඉවත්වන ලෙස ජනතාව දැනුවත් කර තිබේ,

පිලිපීනයේ භූ කම්පන ඒජන්සිය ද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර චීන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ චීනයේ ගිනිකොනදිග ෆුජියන් පළාතේ ඇතැම් ප්‍රදේශවලට කම්පන දැනුණු බවයි.

මේ හා සමාන රිච්ටර් මාපක 7.6 ක ප්‍රබල භූ කම්පනයක් 1999 සැප්තැම්බර් මාසයේදී බලපෑ අතර එමඟින් පුද්ගලයන් 2,400 ක් මිය ගියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවලට ලක්වන ධීවරයන් ගැන සොයා බැලීමට පැහැදිලි යාන්ත්‍රණයක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල හලාවත ධීවර වරායෙන් ධීවර රැකියාවට ගොස්...

ලිංගික අධ්‍යාපනය, සමාජභාවී අනන්‍යතාවය කුණුහරුපයක්කළ විට ප්‍රතිඵලය “සිස්ටර් හොංග්” වේ!

ලිංගික අධ්‍යාපනය, සමාජභාවී අනන්‍යතාවය කුණුහරුපයක්කළ විට ප්‍රතිඵලය “සිස්ටර් හොංග්” වේ!

වෛද්‍ය ධම්මික මලල ක්‍රීඩාවේ කුමන හෝ තනතුරකට රිංගන්නට දැඩි උත්සාහයක

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 29, කොළඹ LNW:  ක්‍රීඩා අමාත්‍යවරයාගේ...