“කැත්ලීන්”බ්‍රිතාන්‍යය කළඹයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 07 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):මේ වන විට අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

“කැත්ලීන්” කුණාටුවත් සමග පවතින තද සුළං තත්ත්වය සහ උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති අනතුරු ඇඟවවීමේ නිවේදන අනුව එම ගුවන් ගමන් අවලංගු කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව බ්‍රිතාන්‍ය තුළ ගුවන් ගමන් 140ක් පමණ අවලංගු කර ඇති අතර, ස්කොට්ලන්තයේ දුම්රිය සහ බෝට්ටු සේවාවලට ද අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

සුළං තත්ත්වය හේතුවෙන් එංගලන්තයේ වයඹ හා නිරිත දිග ප්‍රදේශවලට සහ උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය හා වේල්සය යන කලාප සඳහා ද දැඩි බලපෑම් එල්ල වී ඇති බව ද් පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...

25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...

බටහිර රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් තවත් යුද්ධ ඇති නොකරන බව පුටින් කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවට...

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...