ශ්‍රීලනිපයේ තීන්දු තීරණ රැසක් හෙට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 07 , කොළඹ (LNW):කොළඹ පදනම් ආයතනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමක් හෙට (08) පැවැත්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් එය කැඳවා ඇති අතර, පක්ෂය තුළ මතුව ඇති අර්බුද සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

ඔහු ප්‍රකාශ කළේ , ඊට අමතරව ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එහිදී තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බවයි.

පොලීසිය පවසන්නේ,පක්ෂ මූලස්ථානයේ ආරක්ෂාව තර කර ඇති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළු වීම තවදුරටත් තහනම් වන බවයි.,

අදාළ විමර්ශනය ක්‍රියාත්මක වන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මරදාන පොලීසියට කළ පැමිණිල්ලකට අදාළව වන අතර, ඒ, පක්ෂ කාර්යාලයේ පැවති අත්‍යවශ්‍ය ලේඛණ කිහිපයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් වේ.

පොලීසිය සඳහන් කළේ , විමර්ශන සඳහා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ සහය ලබාගන්නා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...