ස්විස් කළඹන ලාංකේය වොලිබෝල් මාරුතය යළිත් ක්‍රියාත්මක වේ

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 08, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් ක්‍රීඩාව වුව ද,එයට කළාප මට්ටමෙන් හෝ ජාත්‍යන්තරව පළමු තැනට ඒමට අපහසුය.එයට ක්‍රීඩකයාගේ හැකියාවේ දුර්වලකම පමණක් බල පා ඇද්ද යන්න යැයි කිසිවෙක් පැවසුවොත් එය බොරුවක් කීමට වර්ථමානයේ ඇති හොඳම උදාහරණය වන්නේ මහේල ඉන්දීවරය.ලාංකේය පුහුණුකරුවන්ගේ කැපවීම මත සැඟවුණ මහේලගේ දක්ෂතා ඉදිරියට පැමිණ ජාත්‍යන්තර අවධානය දිනා ගනිද්දී ඔහුට වෘත්තීය ක්‍රීඩකයෙක් ලෙස ස්විට්සර්ලන්තයේ Schönenwerd සමඟ එක් වෙන්නට අවස්ථාව උදා වන්නේය.ඒ පරිසරය තුළ වඩාත් දියුණු ක්‍රීඩා රටාවක වඩාත් අත්දැකීම් සහිත ජාත්‍යන්තර මඟ පෙන්වීම් ඔස්සේ දියුණුවන මහේල අද ඉන්දීවර යනු ස්විස් වොල්බෝල් සංස්කෘතිය තුළ ප්‍රබලම ක්‍රීඩකයෙකු වි අවසන් ය.


මෙවරත් Schönenwerd කණ්ඩායම මොබිලියර් වොලි කුසලාන අවසන් තරගවට රැඓ්මේ ප්‍රධානම සාධකය වූයේ මහේල ඉන්දිවරය.මහේලගේ කණ්ඩායම අවසාන තරගයේ දී 3-1 ක් ලෙස අම්රිස්විල් කණ්ඩායම ඉදරියේ පරාජය ලැබුව ද, Schönenwerd කණ්ඩායමේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඇගයීමට ලක් වන්නේ මහේල ය. Schönenwerd හරහා අම්රිස්විල් වෙත ඇති විය හැකි ප්‍රබලම තර්ජනය මහේල බව දැන ඒ සඳහා ඔවුන් සියලු උපක්‍රම යොදා ඇත.ඒ ගැන හොඳම සාක්ෂිය දෙන්නේ අම්ර්ස්විල් කණ්ඩායමේ පුහුණුකරුය.


“මම කණ්ඩායම් දෙකම එක සමාන මට්ටමක දකිනවා. අද, මෙම වැදගත් තරගයේ වෙනස ඇති කළේ මානසික මට්ටමයි. තවද, මුළු තරගයටම වාගේ Schönenwerd ගේ හොඳම ආයුධයේ සේවය නිශ්ක්‍රීය කිරීමට අපට හැකි විය.”


අම්රිස් හී පුහුණුකරු ජුවාන් මැනුවෙල් කියන මේ නිශ්ක්‍රීය කරන ලද ආයුධය මහේල ඉන්දීවර ය.ඒත් ඒ මුළු අවධානය යොමු කර කරන ලද නිරායුධ කිරීම සාපේක්ෂය.එසේ කර ද එම කණ්ඩායමේ දක්ෂතම ක්‍රීඩකයා වන්නේ මහේල ය.එයින් මුළු අවධානය යොමු කර මහේලය පාලනය නොකරන්නට කුමන තත්ත්වයක් ඇති වෙන්නට තිබුණේ ද යන්න සිතා ගන්නට අපහසු නැත.


තරගයේ ලකුණු විස්තරය සටහන් වූයේ 20:25, 22:25, 25:17, 17:25 ලෙස ය.මහේල Schönenwerd හී දක්ෂතම ක්‍රීඩකයා වෙද්දී ජයග්‍රාහී අම්රිස් පිළේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස Etienne Schalch ඇගයීමට ලක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): විලාසිතා ලොවේ අති උත්කර්ෂවත්...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...