පන්සලේදී පුද්ගලයකුට ගස්බැඳ පහරදී ඝාතනය කරලා. විහාරාධිපති හිමි සහ සිවිල් ආරක්ෂකයෙක් අත්අඩංගුවට !

Date:

ගැටඹේ දියකපනාතොට විහාරස්ථානයේදී පුද්ගලයකුට ගස්බැඳ පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි හිටපු හමුදා සෙබළෙකි. ඔහුගේ මළසිරුර පෙරේදා (07) අළුයම් කාලයේදී විහාරස්ථාන පරිශ්‍රයෙන් හමුවී තිබිණි.

ඔහු එදින අළුයම 03.30 ට පමණ විහාරස්ථාන භූමියට ඇතුළු වී සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටි බව පැවසේ. එහිදී ඔහුට පිරිසක් විසින් ඔහුගේ අතපය ගැටගසා, අමානුෂික ලෙස පහරදී, ගසක බැඳතබා ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් නොකිරීම සහ පහර කෑ පුද්ගලයා තුවාල ලබා බරපතළ තත්වයෙන් පසුවෙද්දීත් ඔහුව රෝහල්ගත කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත පොලීසිය විමර්ශන ආරම්භ කර තිබිණි.

ඒ අනුව විහාරාධිපති හිමියන් ඇතුළු පිරිස් පොලීසියට ලබාදුන් ප්‍රකාශ පරස්පර වීම හේතුවෙන් සිවිල් ආරක්ෂක නිලධාරියෙකු මහනුවර පොලීසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව විහාරාධිපති හිමියන්ද පෙරේදා දිනයේදීම අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් දෙදෙනා ඊයේ (08) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පරාජය සහ ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය ලැබිමේ පොප්සිකල් වින්දනයේ වර්ගඵලය

ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්ථාව වෙනස් වන්නේ අනාගතයේ රගර් ක්‍රීඩකයන්ගේ...

ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන බස්රථ අනතුරකි 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉන්දුනීසියාවේ...

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...

පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!

කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්...