ශ්‍රී ලංකා පාසල් හොකී කණ්ඩායමට ශ්‍රී ලංකාව නියෝජනය කළ හතරක්

Date:

අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති ශ්‍රී ලංකා පාසල් හොකී සංගම් නිලවරණයේදී,ශ්‍රී ලංකා හොකී කණ්ඩායම නියෝජනය කර ඇති සිව්දෙනෙකු තනතුරුවලට පත්වීම කැපී පෙණුනා.
එහිදී අනුරුද්ධ හේරත් බණ්ඩාර සංගමයේ ලේකම් ධූරයට පත් වූ අතර ඉන්ද්‍රවංශ හේරත් උප සභාපති ධූරයට පත් වුණා.හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් වූ පාලිත වාසලගේ භාණ්ඩාගාරික ධූරයට පත් වුණා.හිටපු ක්‍රීඩක තිළිණ ගුණවර්ධනට හිමි වුණේ උප භාණ්ඩාගාරික ධූරයයි.එසේම මේ සිව්දෙනාම මාතලේ ප්‍රදේශය නියෝජනය කරමින් සංගමයට තේරී පත්වීම ද විශේෂත්වයකි.

මෙවර සභාපති පදවියට සහ නියෝජ්‍ය සභාපති පදවියට කාන්තාවන් පත් වූ අතර මහනුවර මහාමායා විදුහල්පතිණී ශෂිකලා සමිතාංගණී සේනාධීර සභාපති පදවියට පත් වූ අතර නියෝජ්‍ය සභාපතිණිය වූයේ මහනුවර සීතාදේවී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිණිය චන්ද්‍රකාන්ති කරුණානායකයි.

පත් වූ නිල මඩුල්ලෙන් විශාල පිරිසක් මධ්‍යම පළාතේ පාසල් නියෝජනය කරන බව පෙනෙන්නට ඇති අතර නමුත් ඉදිරි කාල සීමාවේ ඔවුන්ගේ අභිප්‍රාය ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාව පාසල් මට්ටමෙන් ව්‍යාපෘතිය පුළුල් කිරීම විය යුතුයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් අද සුගතදාසයට එන්න

නිශ්මං රණසිංහ නොවැම්බර් 08,  කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල්...

විමෝක්ෂා සහ අසෙනි මැලේසියාවට බරපතල පරාජයක් ගෙන එන්න මුල් වෙයි.

සටහන- නිශ්මං රණසිංහ  නොවැම්බර් 08,  කොළඹ LNW:මැලේසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ...

ඔබගේ අවිඥාණයේ පවා රොකට් එකක් තිබේද ?

අනුර ජනාධිපතිතුමා ඊයේ හුස්ම ගන්නෙත් නැතුව වේගවත් සහ ආක්‍රමණශීලි...