ශ්‍රී ලංකා පාසල් හොකී කණ්ඩායමට ශ්‍රී ලංකාව නියෝජනය කළ හතරක්

Date:

අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති ශ්‍රී ලංකා පාසල් හොකී සංගම් නිලවරණයේදී,ශ්‍රී ලංකා හොකී කණ්ඩායම නියෝජනය කර ඇති සිව්දෙනෙකු තනතුරුවලට පත්වීම කැපී පෙණුනා.
එහිදී අනුරුද්ධ හේරත් බණ්ඩාර සංගමයේ ලේකම් ධූරයට පත් වූ අතර ඉන්ද්‍රවංශ හේරත් උප සභාපති ධූරයට පත් වුණා.හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් වූ පාලිත වාසලගේ භාණ්ඩාගාරික ධූරයට පත් වුණා.හිටපු ක්‍රීඩක තිළිණ ගුණවර්ධනට හිමි වුණේ උප භාණ්ඩාගාරික ධූරයයි.එසේම මේ සිව්දෙනාම මාතලේ ප්‍රදේශය නියෝජනය කරමින් සංගමයට තේරී පත්වීම ද විශේෂත්වයකි.

මෙවර සභාපති පදවියට සහ නියෝජ්‍ය සභාපති පදවියට කාන්තාවන් පත් වූ අතර මහනුවර මහාමායා විදුහල්පතිණී ශෂිකලා සමිතාංගණී සේනාධීර සභාපති පදවියට පත් වූ අතර නියෝජ්‍ය සභාපතිණිය වූයේ මහනුවර සීතාදේවී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිණිය චන්ද්‍රකාන්ති කරුණානායකයි.

පත් වූ නිල මඩුල්ලෙන් විශාල පිරිසක් මධ්‍යම පළාතේ පාසල් නියෝජනය කරන බව පෙනෙන්නට ඇති අතර නමුත් ඉදිරි කාල සීමාවේ ඔවුන්ගේ අභිප්‍රාය ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාව පාසල් මට්ටමෙන් ව්‍යාපෘතිය පුළුල් කිරීම විය යුතුයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...