ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලය සැරසෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය රැස්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම සඳහා සාකච්ඡා කිරීමට බව සඳහන් වේ.

මෙම රැස්වීමේ දී ඉරානය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය පිළිබද තීරණයක් ගෙන තිබේද යන්න ඊශ්‍රායලය මෙතෙක් ප්‍රසිද්ධ කර නැති බව පැවසේ.

ඊශ්‍රායලයට මිත්‍ර රටවල් ඉරානයේ ක්‍රියාව දැඩි ලෙස හෙළා දැක ඇති අතර සන්සුන්ව කටයුතු කරන ලෙස බෙන්ජමින් නෙතන්යාහුගේ රජයෙන් ඉල්ලා සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඇමරිකාවද ඊශ්‍රායලයට කියා ඇත්තේ තමන් ඉරානයට එල්ල කරන ප්‍රහාරයකට සහාය නොදක්වන බවයි.

තවදුරටත් ප්‍රහාර එල්ල කළහොත් ඉදිරියේදී දැඩි පියවර ගන්නා බව, ඉරානය ද අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි

හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...

2024ට විතරක් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය දරා ඇති වැය බර මෙන්න!

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් සහ විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස...

ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු පනවන ලෙස ජනධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...