අමාත්‍ය විදුර සහ මේජර් ජෙනරාල් ෆහිම් උල් අසිස් අතර හමුවක්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 17, කොළඹ (LNW): බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆහිම් උල් අසිස් යන මහත්වරු අතර නිල හමුවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වුණි.

මෙහිදී අවධානය යොමුව ඇත්තේ , දෙරට අතර පවතින සංස්කෘතික සම්බන්ධතාවය පිළිබඳව කරුණු සාකච්ඡා කෙරුණු අතර දැනට පවතින සංස්කෘතික සහයෝගීතා ගිවිසුම් පිළිබඳවයි.

ඒ අනුව දෙරට අතර සංස්කෘතික සංචාර හා සංචාරකයන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම, පුරාවිද්‍යා දැනුම හුවමාරු කර ගැනීම පිළිබඳ සම්මන්ත්‍රණ පැවැත්වීම, දෙරට අතර පුරාවිද්‍යාව පිළිබඳව ගවේෂණය කිරීමට ගිවිසුමක් අත්සන් කිරීම, පාකිස්ථානයෙන් සොයාගත් ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම සහ ශ්‍රී ලංකා පකිස්ථාන සංස්කෘතික මධ්‍යස්ථානයක් පකිස්ථානයේ ඉදිකිරීම ආදී කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව සඳහන් වේ.

පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහා කොමසාරිස් වජිඩ් හසන් හෂ්මි මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...

මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : පසුගිය වසරේ සිට...

නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම...

BREAKING:නාවික හමුදාව උතුරු වෙරලේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...