රජය සිදුකල ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ යහපත් ප්‍රතිඵල ජනතාවට ලැබෙමින් පවතිනවා – ශෙහාන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 17, කොළඹ (LNW): ජී 24 මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුව අමතමින් , අභියෝගවලට මුහුණදීම සදහා තවදුරටත් ද්වීපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය හවුල්කරුවන්ගේ සහාය අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සදහා රජය සිදුකළ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ යහපත් ප්‍රතිඵල මෙරට ජනතාවට ලැබෙමින් පවතින බවත් , එසේ වුවද තවදුරටත් ඒ සදහා ද්වීපාර්ශ්වීය හා බහු පාර්ශ්වීය හවුල්කරුවන්ගේ සහාය අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේය

ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග සාර්ථක වී තිබෙන බවත් , අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ සෘජු විදේශ ආයෝජන මගින් විදේශ ණය ලබාගැනීමකින් තොරව ආර්ථිකය නව වර්ධන මාවතකට යොමුකිරීමේ ක්‍රියාවලියක රජය දැන් නිරතව සිටින බවත් ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

තවද, වසර 2030 වනවිට රටේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සියයට 35 සිට සියයට 70 දක්වා ඉහළ නැංවීම ශ්‍රී ලංකාවේ ඉලක්කය බව ජෛව විවිධත්ව මූල්‍ය සංසදයේ දී අදහස් දැක්වූ ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ශූන්‍ය කාබන් ආර්ථිකයක් බවට පත්කිරීමට රටේ සැළසුම් සකස් කරන බවත් ශ්‍රී ලංකාව දැනටමත් සමුද්‍රීය අවකාශීය සැළැස්ම කෙටුම්පත් කිරීමේ වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කකළේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...