ලෑන්ඩින් කොස්ට් එක 4462 යි. ගෑස් මිල වහාම වැඩි කළ යුතුයි – ලිට්‍රෝ සුරැකීමේ සංවිධානය

Date:

ලිට්‍රෝ ගෑස් සමාගම රැකගැනීමට නම් වහාම ගෑස් සිලින්ඩරයක මිල වැඩිකිරීමට කටයුතු කළ යුතුම බවත් එසේ නොවුවහොත් ඉදිරි මාස තුන තුළ මෙම සමාගම වැසී යනු ඇති බවත් ලිට්‍රෝ ගෑස් සුරැකීමේ සංවිධානය පවසයි.

“පෙබරවාරි මාසයේදී ජාත්‍යන්තර LPG මිල මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 880 යි. පෙබරවාරි මාසයේ මිල පදනම් කරගෙන දැනට බාගත කිරීමට සූදානම් වන නෞකාවේ ගෑස් ප්‍රමාණය අපි බාගත කර පාරිභෝගිකයාට වර්තමාන මිල යටතේ ලබාදීමේදී අපිට මේ නැවෙන් විතරක් රුපියල් මිලියන 200ක පාඩුවක් තියෙනවා. අපි ජනතාව වෙනුවෙන් රාජ්‍ය සමාගමක් විදියට දරාගෙන හිටිය මුදල් ප්‍රමාණය ගිය අවුරුද්දේ පමණක් රුපියල් කෝටි 1100 ක්. අපි තවත් නෞකාවක් මිලදී ගත්තොත් මාර්තු කොන්ත්‍රාත් පදනම මත මේ ලිට්‍රෝ ගෑස් සමාගම දීර්ඝ කාලීනව ජනතාව වෙනුවෙන් දරාගෙන හිටපු ලිට්‍රෝ ගෑස් සමාගමේ මළගම තමයි මේ තියෙන්නෙ. මේ මූල්‍ය පදනම මත මේ සමාගම ඉදිරි මාස තුනේදී වසා දැමීමට සිදුවෙනවා. අපි කියන්නෙ මිල වැඩිකරන කතාව නෙවෙයි. මේක කළමනාකරණය කරගත යුතුමයි”

ප්‍රශ්නය – අපි කවදාවත් ණයට අරගෙන නෑනෙ සිලින්ඩර්. දැන් ඔබතුමාලා ඔය කළමනාකරණය කරන්න කියලා මිල වැඩිකිරීමක් නේද ඉල්ලන්නෙ ?

“මේක කළමනාකරණය කරන්න තියෙන එකම මාර්ගය මිල වැඩිකිරීම නම් අපි ඒක සිදුකළ යුතුයි”

ප්‍රශ්නය – දැන් ඔබතුමන්ලා යෝජනා කරලා තියෙන්නෙ කීයකින් විතර වැඩි කරන්නද ?

“රු. 4462.25ක් අපට මේක ලෑන්ඩින් කොස්ට් වෙනවා”

ලිට්‍රෝ ගෑස් සුරැකීමේ සංවිධානය මේ බව පැවසුවේ ඊයේ (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...

2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී HAC රන් සහ ඉහළම ජයග්‍රාහක සම්මාන දිනා ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : ලංකා ජාතික කර්මාන්ත...

OPA හි සභාපති ලෙස තිසර ද සිල්වා පත් වෙයි(2025/2026)

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : 2025/2026 වර්ෂය සඳහා...

රටම එකට විශේෂ මෙහෙයුමෙන් තවත් 638ක් අත්අඩංගුවට!

කොළඹ LNW:අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසුකර ගැනීම...