ආරක්ෂක ඇස (Security Eye)

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 19, කොළඹ (LNW): ලබන සතියේ සිට පාතාල අපරාධකරුවන් ට්‍රේල් වර්ගයේ යතුරුපැදිවලින් ලුහුබැඳ ගොස් පහරදීම (Moving Target) සඳහා විශේෂ පුහුණුව ලත් කණ්ඩායමක් මෙහෙයුම්වලට යොදවන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසන අතර, ‘ආරක්ෂක ඇස (Security Eye)’ නමින් වූ ලාංඡනයක් පලඳින මෙම ඒකකය සඳහා යොදාගන්නා කණ්ඩායම සටන් කලාවද ප්‍රගුණ කර ඇති බව පැවසේ.

වත්මන් පොලිස්පතිවරයා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස සිටියදී ක්‍රියාත්මක කළ ‘ආරක්ෂක ඇස’ සංකල්පය වැඩිදියුණු කරමින් මෙම ඒකකය නිර්මාණය කර තඇති බව පැවසේ.

පාතාල ක්‍රියාකාරකම් බහුල ප්‍රදේශවල මෙම කණ්ඩායම් යෙදවීමට නියමිත අතර පොලිස් නිල ඇඳුමට සමානව විශේෂ නිල ඇඳුමක් ඔවුන්ට ලබාදීමට සැලසුම් කර ඇති අතර, පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුව ලත් මෙම කණ්ඩායමට ට්‍රේල් වර්ගයේ යතුරුපැදි 100 ක් ලබාදී ඇති බව සඳහන් වේ.

පොලිස් විශේෂ කාර්ය බළකා යතුරුපැදි බළකායත් සමග ඒකාබද්ධව අදාළ මෙහෙයුම් සිදුකිරීමට නියමිත බව වැඩිදුරටත් පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...