අපේ රට ලොව අඩු­වෙන්ම බදු අය­ක­රන රට­ව­ලින් එකක් – ශෙහාන් සේම­සිංහ

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 20, කොළඹ (LNW):අමෙ­රි­කාවේ වොෂි­න්ටන් ඩීසී හි ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ සැසි­ව­රා­ය­කට සම­ගා­මිව පැවති සම්මුඛ සාක­ච්ඡා­ව­කට එක් වෙමින් මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේම­සිංහ මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ණය තිර­ස­ර­භා­වය තහ­වුරු කිරීම සඳහා සියලු ණය­හි­මි­යන් සමඟ ප්‍රති­ප­ත්ති­මය එක­ඟ­තා­ව­කට එළ­ඹී­මට හැකි වනු ඇතැයි රජය දැඩි විශ්වා­ස­යෙන් පසු වන බවයි.

වැඩි­දු­ර­ටත් අද­හස් පළ කළ රාජ්‍ය ඇමැති ශෙහාන් සේම­සිංහ මහතා,

“අපි ලොව අඩු­වෙන්ම බදු අය­ක­රන රට­ව­ලින් එකක් ලෙස නම් කෙරෙ­නවා. එහෙත් මේ වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කිරී­මත් සමඟ අප විසින් බදු ආදා­යම ක්‍රම­යෙන් ඉහළ නංවා තිබෙ­නවා. අප මේ වන විට බදු ගෙවී­මෙන් නිද­හස් කිරීම ඉවත් කර තිබෙ­නවා. බදු අනු­කූ­ලතා ශක්ති­මත් කර තිබෙ­නවා. 2023 වසරේ දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් 11% දක්වා රජයේ අදා­යම ඉහළ ගොස් තිබෙ­නවා. එය රජයේ ආදා­ය­මෙන් 8.1%ක ප්‍රති­ශ­ත­යක්.

“අප 2024 වන විට එම අගය 12% දක්වා ඉහළ අග­ය­කින් බලා­පො­රොත්තු වෙනවා. ඒ වගේම අපට විශ්වා­සයි අපට ඒ ඉල­ක්කය කරා යා හැකි බවට. මේ වන විට බදු අනු­කූ­ල­තාව 130% දක්වා වර්ධ­න­යක් අත්පත් කර­ගෙන තිබෙ­නවා. බදු සඳහා ලියා­ප­දිංචි වීමද ඉහළ ගිහින්. එය හොඳ අග­යක් වුණත් අපට ඒ පිළි­බඳ සෑහී­ම­කට පත් වන්න බැහැ. අපට අව­ශ්‍යයි බදු ගෙවිය යුතු සියලු දෙනාම බදු ගෙවී­මට යොමු කරන්න.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...