(VIDEO):වසලයින්ට එරෙහි නව ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි – චම්පික

කොළඹ LNW:රටට ආදරය කරන, ආගමික අයිතිවාසිකම් පිළිගන්නා, සැබෑ ජාතිකත්වයක් සහිත ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාව මතුව තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එය විධිමත්ව ක්‍රියාවට නැංවීම පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන්ට කළ හැකි සුදුසුතම උපහාරය බවයි රණවක මහතා අවධාරණය කරන්නේ.

අන්තවාදය පෝෂණය කරමින්, අහිංසක ජනතාව විපතට පත් කරමින්, දේශපාලන වාසි ලබාගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවද හෙතෙම අවධාරණය කරයි.

මේ අතර පොලීසිය සහ බුද්ධි අංශ දේශපාලන අතකොළු නොවිය යුතු බවයි රණවක මහතා පවසන්නේ.

2010 සිට 2015 දක්වා කාලයේදී ප්‍රධාන වැරදි තුනක් එවකට පාලකයන් සිදු කළ බවද හෙතෙම පෙන්වා දෙන අතර කුමරන් පද්මනාදන් ඇතුළු අන්තවාදීන් රැසක් සාධාරණ හේතුවලින් තොරව නිදහස් කිරීමට පියවර ගැනිම, ඒ මඟින් මධ්‍යස්ථ පිරිස් පාලනයට එවක රජය සැලසුම් කර තිබූ බවට රණවක මහතා චෝදනා කරයි. තව්හිද් ජමාත් සංවිධානය නිර්මාණය වීමට දැනුවත්ව ඉඩකඩ සැලසීමට පාලකයන් පියවර ගෙන තිබුන අතර ඉන් බෙදී ආ සහරාන් ඇතුළු පිරිස පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව හෙළි විය. ඔවුන් මගින් මධ්‍යස්ථ මුස්ලිම් ජාතිකයන්ට අභියෝග කිරීමට හිටපු පාලකයන් ක්‍රියා කළ බව රණවක මහතා පෙන්වා දෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...