සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 23, කොළඹ (LNW): ප්‍රධාන ගංගා මුහුදට වැටෙන ස්ථාන ආසන්නයේ වැලි ගොඩදැමීම සඳහා අවසරපත්‍ර ලබා නොදීමට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.
මහවැලි ගඟ මුහුදට වැටෙන ත්‍රිකුණාමලය අසන්නයේ වැලි කැනීම් කිරීමට මෙවර අවසර නොදෙන බව එහි සභාපති මහාචාර්ය රංජිත් ප්‍රේමසිරි මහතා සඳහන් කළ අතර , පාරිසරික පද්ධතියට හා මුහුදු ජලය ගොඩ බිමට ගලා ඒම වැළැක්වීම සඳහා එම පියවර ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.