*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

දමිතා විරෝධී පොහොට්ටු – JVP – UNP පොදු සන්ධානය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

උපුල් ජෝශප් ප්‍රනාන්දු

රනිල් අරගලය මර්දනය කරන්න පටන් ගත් විට ගෝල්ෆේස් අරගල භූමියට ඇවිත් රනිල්ට සහ රාජපක්ෂලාට අභියෝග කළේ වෙන කවුරුවත් නොව ප්‍රවීණ නිළි දමිතාය. මියගිය සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයෙක් ලෙස දිවුරුම් දෙන විට දමිතා කීවේ රනිල්ගෙන් තටු අරගෙන පල් හොරු ඉගිල්ලෙන්න හදනවා කියාය.Sri Lanka Latest News

‘මම හිතනවා සනත් නිශාන්තලා රනිල් වික්‍රමසිංහගේ තටු ලැබිච්ච කුරුල්ලෝ වගේ ඉගිල්ලෙන්න හදනවා. මේ පල් හොරුන්ව එපා කියලා තමයි මිනිස්සු අරගල කළේ අද වෙනකොට මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තරම් බඩු මිල ඉහළයි. කිරිපිටි ටිකක් ගන්න අම්මලාට සල්ලි නැහැ. මේ කාලකණ්ණි දේශපාලකයන්ට මිනිස්සුන්ගේ දුක දැනෙන්නේ නැහැ. අපි දිනලා දුන්න අරගලය රැකගත්තේ නැත්නම් මේ තක්කඩි මේ පල්හොරු ආයේ ඇවිත් ඔය පුටුවල ඉඳගන්නවාමයි…’

දමිතා එළියට ඇවිත් මේ ප්‍රකාශය කළේ අරගලයේ සිටි බොහෝ අරගලකරුවන් රනිල්ගේ ආණ්ඩුව එක්ක හොරෙන් ඩීල් දමද්දීය. අරගලකාරයන් මර්දනය කරද්දී අරගලකාරීන් වෙනුවෙන් කතා කරන්න අරගලයේ සිටි ජනප්‍රිය චරිතයක් එළියට ආවා නම් ඒ දමිතාය. අරගලකාරීන් මර්දනයට එරෙහිව ඇය අරගලයක් පටන් ගත්තාය. ඇය යළිත් අරගලයට උඩගෙඩි දෙනවා කියා ඇයව අත්අඩංගුවට ගනු ලැබීය. ඇය හිරෙන් නිදහස් වී ආවත් ඇය අරගලය අවසන් කළේ නැත. ඇය දිගටම අරගලය වෙනුවෙන් කතා කළාය. අරගලය වෙනුවෙන් පෙනී සිටියාය. ඇය අරගලය වෙනුවෙන් හිරේ ගිය වෙලාවේ ඇය වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වූයේ ඇයට නීතිඥ සහාය ලබාදුන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. මේ නිසාම සජිත් අරගලය වෙනුවෙන් පෙනී සිටින අරගලයේ ප්‍රධාන ඉල්ලීමක් වන හොරු අල්ලන්න අවංක වුවමනාවක් තියෙන නායකයෙක් යැයි ඇය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළාය. හරි නම් ඒ වෙලාවේ ඇය වෙනුවෙන් පෙනී සිටිය යුතු වූයේ ජනතා විමුක්ති පෙරමුණය. ඒත් ජවිපෙ මොනයම් හේතුවකට රනිල්ගේ ආණ්ඩුව අරගලය මර්දනය කරන වෙලාවේ අරගලය කරේ දමාගන්න කැමැති වූයේ නැත.

දමිතා යළිත් අරගලයට පණ දෙන්න උත්සාහ කරන චරිතයක් බව ආණ්ඩුව තේරුම් ගත්තේය. ඒ සමග රාජපක්ෂලාගේ ෆේස්බුක් බළකාය යූ.ඇන්.පී. ෆේස්බුක් බළකාය පමණක් නොව ජේ.වී.පී. ෆේස්බුක් බළකායද දමිතාට මඩ ගහන්න පටන් ගත්හ. රාජපක්ෂලා හෝ යූ.ඇන්.පී. ෆේස්බුක් බළකාය දමිතාට මඩ ගැසීම හිතාගන්න පුළුවන. පුදුමය ජවිපෙ ෆේස්බුක් බළකාය සහ ජවිපෙ වෙබ් අඩවිවලින් දමිතාව මඩවලින් නෑවීමය. ආණ්ඩුව දමිතාව යළි හිරේ දමන්න දමිතාට එරෙහිව චෝදනා හොය හොයා ගියේ මේ අතරය. දැන් ලංකාවේ ලොකුම හෙර දමිතාය. හොරු ඔක්කොම එළියේය.

‘දමිතා විරෝධී පොහොට්ටු – යූ.ඇන්.පී. – ජේ.වී.පී. සන්ධානය හැදුණේ කොහොමද…?’

ඊට කලින් දමිතා කවුද කියලා හොයන්න ඕනෑය. ජාත්‍යන්තර සම්මානයක් දිනාගත් ලංකාවේ පළමු නිළිය මාලනී ෆොන්සේකාය. ඉන් පසු අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු වැනි නිළියෝද ජාත්‍යන්තර සම්මාන දිනාගත්හ. මේ හැමෝම 70 දශකයට 80 දශකයට අයත් පරම්පරාවේ නිළියෝය. ජාත්‍යන්තර සම්මානයක් දිනාගත් අලුත් පරම්පරාවේ නිළිය දමිතා අබේරත්නය. මාලනී 1978 ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලේ ගෞරව සහතිකයක් දිනාගත්තාය. ඉන් පසු ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නිළිය සම්මානය අනෝජා වීරසිංහ දිනා ගත්තාය. ඉන් පසු ඉන්දීය ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානය දිනාගත් අලුත් පරම්පරාවේ නිළිය දමිතාය. ඇය 2004 ඉන්දීය ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ ‘සුළං කිරිල්ලී’ චිත්‍රපටයට හොඳම නිළිය සම්මානය දිනා ගත්තාය. 2004 බංග්ලාදේශයේ පැවැති ජාත්‍යන්තර සම්මාන උළෙලේදී ඇය එම චිත්‍රපටයට හොඳම නිළිය සම්මානය දිනා ගත්තාය.

ලංකාව අරුම පුදුම රටකි. මාලනීට පසු ලොව හොඳම නිළිය සම්මානය දිනාගත් අනෝජාගේ ගෙදර චන්ද්‍රිකාගේ ආණ්ඩුව ගිනි තිබ්බේය. ඒ, ඇය රනිල්ගේ ජනාධිපතිවරණ වේදිකාවට නැග්ගා කියාය. අද ආණ්ඩුව දමිතා පසුපස පන්නන්නේ ඇය අරගලය වෙනුවෙන් පෙනී සිටිමින් සජිත් වෙනුවෙන් කතා කළ නිසාය. මොවුන් රටට අත්කර දුන් කීර්තිය, බලය ඉදිරියේ මේ ආණ්ඩු දමන්නේ බලු ගානටය.

සිස්ටම් චේන්ජ් කරන්න කතා කරන ජේ.වී.පී.යත් දමිතාව හිරේ දමන ආණ්ඩුවේ මෙහෙයුම සාධාරණීකරණය කරන කසකාරයෙක් බවට පත්ව තිබීම ඛේදජනකය.

අද ජේ.වී.පී.ය කාන්තාවන්ගේ වීරවරිය ලෙස පෙන්වන ආචාර්ය හරිනි අමරසූරිය දමිතලා, හිරුණිකාලා අරගල කරන කාලයේ කොහේ සිටියාද දන්නේ නැත. හිරුණිකා ගෝඨාභයගේ ගෙදර වටකරන විට ආචාර්ය හරිනි කොහේ සිටියාද කියා හොයාගන්න නැත. ගෝඨා සිය පොතෙහි සඳහන් කරන්නේ අරගලය පටන්ගත්තේ හිරුණිකා කියාය. ඇය ඔහුගේ නිවෙස වටකිරීම ගෝඨා දකින්නේ තමාව ගෙදර යවන සටනට එන්න තරුණ තරුණියන්ගේ තිබුණු බය හිරුණිකා නැති කළා කියාය. අද හිරුණිකාටත් නඩු පිට නඩුය.

ඇත්තටම අද හිරුණිකාලා, දමිතලා සිටියේ නැත්නම් අරගලයක් නැත. අරගලයට තවත් ලොකු ශක්තියක් දුන්න ජනප්‍රිය චරිතයක් වේ නම් ඒ නන්දා මාලනිය. රනිල් ජනාධිපති වී සුනිල් ආරියරත්නට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපතිකමක් දීමෙන් පසු නන්දාව නිහඬ කරනු ලැබුවාය.

දමිතලා එසේ නිහඬ වූයේ නැත. නඩු පිට නඩු වැටුණත් හිරුණිකාලා නිහඬ වූයේද නැත. අරගලයේ කාන්තාවන් ඔවුන්ය. දමිතාටත් ඕනෑ නම් රනිල්ගේ ආණ්ඩුව සමග ෂේප් වීමට හැකියාව තිබිණි. හිරුණිකාටත් නඩු අයින් කරගන්න රනිල්ගේ ආණ්ඩුව සමග ෂේප් වීමට ඉඩ තිබිණි.

හරිනිලා කරළියට ආවේ මේ ඇත්ත අරගලයේ කාන්තාවන් යටපත් කරගෙනය. රනිල්ගේ ආණ්ඩුවට දමිතලාව හිරේට ගෙන යද්දී හිරුණිකාලාට නඩු පිට නඩු දමද්දී හරිනි කියන්නේ සජිත් සහ අනුර විවාදයට රනිල් එන්න ඕනෑ කියාය. ඒ වගේම විවාදය පවත්වන්න ඕනෙ රනිල්ගේ මාමාගේ පත්තරෙන් කියාය.

හරිනිට රනිල්ව ඕනෑ වීම පුදුමයක් නොවේ. හරිනි නියෝජනය කරන්නේ රනිල්ගේ පන්තියය. හරිනිගේ දේශපාලනයත් ඒකය. ඒ කොළඹ හතේ තානාපතිවරු සමග විදේශ මාධ්‍යවේදීන් සමග කරන දේශපාලනයකි.

දමිතලා, හිරුණිකාලා, රෝහිණී කවිරත්නලා කරන්නේ නගරයේ ගමේ කාන්තාවන් සමග දේශපාලනයකි.

මේ ජේ.වී.පී. – යූ.ඇන්.පී. – පොහොට්ටු සන්ධානය එළියට ආ තවත් අවස්ථාවක් නම් ජී.එල්. පීරිස් ඇතුළු පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂයට එක්වීමය. ජවිපෙ පොදු හතුරා රනිල් සහ රාජපක්ෂ ආණ්ඩුව නම් ඒ ආණ්ඩුවෙන් එළියට එන මන්ත්‍රීවරුන්ව දොහොත් මුදුන් දී පිළිගත යුතුය. දැන් ජී.එල්.ලා ඇතුළු මන්ත්‍රීවරු ආණ්ඩුව කඩාගෙන එද්දී සමගි ජන බලවේගය පොහොට්ටුව ගිලගෙන යැයි රනිල් කියයි. පොහොට්ටුව ජී.එල්.ලාගේ මන්ත්‍රීකම් අහෝසි කරන්න උසාවි යන්න හදයි. පොහොට්ටුවේ මන්ත්‍රීවරු පැමිණීමෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කොන්කරලා යැයි ජවිපෙ කියයි. ජවිපෙ කියන්නේ රනිල් කියන එකමය. ජවිපෙට ඕනෑ මේ මන්ත්‍රීවරු රනිල් සමග රාජපක්ෂ ආණ්ඩුව ඇතුළේම තියන්නටය. ඔවුන් ආණ්ඩුව දුර්වල කරලා එළියට එනවාට ජවිපෙ කැමැති නැත. එහෙම බලනකොට ජවිපෙ අනියමින් සේවය කරන්නේ රනිල් සහ රාජපක්ෂ ආණ්ඩුවටය.

නීතීඥ උපුල් කුමරප්පෙරුම ජාතික ජන බලවේගයේ ප්‍රබලයෙකි. ඔහු ජනාධිපති රනිල්ගෙන් ජනාධිපති නීතීඥ ධූරයකට අයැදුම් කර රනිල් ඔහුට ජනාධිපති නීතීඥ ධූරයක් පිරිනැමීය. එයට ජවිපෙ තුළින්ම විරෝධයක් මතුවිය. ඒත් උපුල් තාමත් ජවිපෙ ප්‍රබලයෙකි. ජවිපෙ කාදිනල් හිමි හමුවීමට යැව්වෙත් ඔහුවය. උපුල් රනිල්ගෙන් ජනාධිපති නීතීඥ ධූරයක් ලබා ගැනීම ජවිපෙට ප්‍රශ්නයක් නැත.

දමිතා විරෝධී පොහොට්ටු – යූ.ඇන්.පී. – ජේ.වී.පී. පොදු සන්ධානය බළලා මල්ලෙන් එළියට පනිනවා වගේ එළියට පැනපු හොඳම වෙලාව පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරපු වෙලාවය. ඩලස් පරණ ජේ.වී.පී. මාධ්‍යවේදියෙකි. විපක්ෂය ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කළේ ඔහුවය. ජේ.වී.පී. එක අළු වෙලා ඉන්න කාලේ ජේ.වී.පී. එකට පත්තරයක් කළේ ඔහුය. හැබැයි ජවිපෙ ඔහුට ඡන්දය නොදී ඡන්දය කුරුටු ගාලා රනිල්ට එරෙහිව ඩලස්ට හිමිවෙන්න තිබූ තව ඡන්ද තුනක් නැති කළේය.

මූලාශ්‍රය: මව්රට

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan