සිංහල – දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පළමු වරට පාර්ලිමේන්තුව රැස් වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 23, කොළඹ (LNW): හෙට (24) දිනයේ , සිංහල – දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පළමු වරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් හෙට (24), අනිද්දා (25) සහ සිකුරාදා (26) යන දිනවල පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද, හෙට දිනයේ දී අපරාධ නඩු විධාන සංග්‍රසය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිත බව පැවසේ,

හෙට (24) දිනයේ දී කැබිනට් මණ්ඩලය ද රැස්වීමට නියමිතව ඇති අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස්වන කැබිනට් මණ්ඩලය සඳහා අධිකරණ අමාත්‍යංශය විසින් නව කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ.

එලෙස ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසෙන්නේ, අපරාධ ක්‍රියා මගින් උපයා ගත් දේපල රාජසන්තක කිරීම සඳහා නීති සකස් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව සහ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ගිවිසුම නිසා 2028 වෙනකල් අපිට බදු මුදල්වලින් ජනතාවට සහන දෙන්න බෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර...

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...