හිටපු ජනපති මෛත්‍රිට අතුරු තහනම් නියෝගයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 24, කොළඹ (LNW):අද (24) දිනදී, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතානගේ නිකුත් කළ බව පැවසේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වූ මොන්ටේගු සරත්චන්ද්‍ර ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබූ බව වාර්තා වේ.

මොන්ටේගු සරත්චන්ද්‍ර 2022 වසරේදී මෙම නඩුව පවරා ඇති අතර ඔහු වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ සාන්ත ජයවර්ධන අධිකරණයට පවසා සිටියේ මෛත්‍රිපාල සිරිසේන 2019 හා 2021 වසරේදී සභාපති ධුරයට පත්වීම නීති විරෝධී බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාවේ දොළොස් වැනි වගන්තිය අනුව හිටපු ජනාධිපතිවරයෙකුට පක්ෂයේ සභාපති ධුරය ඉසිලිය නොහැකි බවද,ඔවුන් අනුශාසකයින් ලෙස කටයුතු කළ යුතු බවද කරුණු පැහැදිළි කළ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...