TikTok , Stop වෙන ඇමෙරිකාව!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෙනට් මණ්ඩලය විසින් ටික්ටොක් යෙදවුම ඇමෙරිකාව තුළ තහනම් කිරීමට අනුමැතිය ලබා දී ඇත.

ලොවපුරා අතිශය ජනප්‍රිය යෙදවුමක් ලෙස සැලකෙන ටික්ටොක් යෙදවුම චීන හිමිකාරීත්වය යටතේ පවතින අතර, ඇමෙරිකා සෙනට් මණ්ඩලය අනුමත කළ නව පනත හරහා ටික්ටොක් යෙදවුම ඇමෙරිකාව තුළ භාවිතය තහනම් කිරීමේ බලය හිමිව ඇත.

එසේ නොවීමට නම් ටික්ටොක් යෙදවුමේ ඇමෙරිකා හිමිකාරීත්වය චීනයෙන් පරිබාහිර පාර්ශවයකට පැවරිය යුතුයි. අදාළ පනත මේ වන විට ඇමෙරිකා ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බව ද සඳහන් වන අතර, එයට ඔහු අත්සන් තැබු වහාම එය නීතියක් ලෙස ක්‍රියාත්මක වන බව එරට මාධ්‍ය පවසයි.

ටික්ටොක් සමාගමේ ඇමෙරිකා හිමිකාරීත්වය වෙනත් පාර්ශවයටක පැවරීමට නම් අදාළ සමාගම ඊට චීන බලධාරීන්ගේ අනුමැතිය ලබාගත යුතු අතර, ඇමෙරිකාවේ මෙම ක්‍රියාවලිය සඳහා චීනය දැඩි විරෝධය පළ කරන බව පැවසේ.

නීතිමය රාමුව තුළ තමන්ට හිමිව ඇති අයිතීන් අනුව අඛණ්ඩව සමාගමේ කටයුතු සිදුකරන බව , ටික්ටොක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...