මෙරෝන් අවසන් පූර්ව තරගයට-තරුෂි අවසන් තරගයට

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 24, කොළඹ (LNW): ඩුබායි හී පැවැත්වෙන විසි එක්වන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ආරම්භක දිනයේ,පෙරවරුවේ පැවැති ඉසව්වලින් මෙරෝන් විජේසිංහ අවසාන පූර්ව තරගයටත් සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

මීටර් සියය ඉසව්ව නියෝජනය කරන විජේසිංහ,තමන් සහභාගි වූ මූලික තරඟයේදී, තත්පර 10.81 ට ඉසව්ව නිමා කරමින් එහි සිව්වන ස්ථානය දිනා ගත්තා. ඔහු වාර්තා කළ එම කාලය අනුව මීටර් 100 අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

විනාඩි 2;10.46 ට ඉසව්ව නිමා කරමින් තමා සහභාගි වූ මීටර් අටසීය මූලික තරඟයේ තෙවන ස්ථානය දිනා ගත් තරුෂි අභිෂේකා අවසාන තරඟයට සුදුසුකම් ලබා ගත්තා.ඇය එසේ වාර්තා කළ කාලය අවසාන තරගයට සුදුසුකම් ලබා සිටින ක්‍රීඩිකාවන් අතරේද තෙවන තැන තිබෙන නිසා මෙන්ම ඇයගේ පෞද්ගලික හොඳම කාලය මූලික තරග වලදී වාර්තා කළ කාලයට වඩා යහපත් බැවින්ද,අවසාන තරගයේදී තරුෂි සම්බන්ධයෙන් පදක්කම් බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...