එක්සත් ජාතීන්ගේ ඉල්ලීමට යුරෝපා සංගමයේ සහය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජාතීන්ගේ ඉල්ලීමට යුරෝපා සංගමය සහාය ලබා දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ඉල්ලීම වූයේ, ගාසා තීරයේ සමූහ මිනීවලවල් සඳහා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට කළ ඉල්ලීමයි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වීමත් සමඟ රෝහල් ආශ්‍රිතව සමූහ මිනීවළවල් දෙකක් සොයා ගැනුණු අතර , ඒවායේ තිබී සිරුරු 300කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

තවද, මිලියන 1.5 ක ජනතාවක් රැඳී සිටින දකුණු ගාසාවේ රෆා නගරයේ ගොඩනැගිල්ලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බවද වාර්තා වේ.

ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 34,262 ක් මිය ගොස් 77,229 ක් තුවාල ලබා තිබෙන අතර හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1,139 ක් වේ.

හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1,139 ක්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...