විශේෂ බලකා පුහුණුව ලත් පොලිස් නිළධාරීන් 100 සමන්විත යතුරු පැදි කණ්ඩායම් 50 ක් බස්නාහිර සහ දකුණට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 25, කොළඹ (LNW): යුක්ති මෙහෙයුමට සමගාමීව බස්නාහිර සහ දකුණ පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවන පාතාල අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකා යතුරු පැදි කණ්ඩායම් වලට සමගාමීව ක්‍රියාත්මක වීම සදහා විශේෂ කාර්ය බලකා විශේෂ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් 100 ක ගෙන් සමන්විත යතුරු පැදි කණ්ඩායම් 50 ක් 2024.04.25 වන අද දින කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු කදවුරේ සති 02 ක පුහුණුව සාර්ථකව අවසන් කර විසිර යෑමේ උත්සවය පවත්වන ලදී.

මෙම විශේෂ පුහුණුව ලත් යතුරු පැදි කණ්ඩායම් අද දින සිට බස්නාහිර සහ දකුණ පළාතේ විශේෂයෙන් හදුනාගත් පොලිස් වසම් ආවරණය වන පරිදි සංචාරය කිරීමට නියමිත ඇති අතර, අපරාධකරුවන් වෙත ක්ෂණිකව හඹාගොස් අත්අඩංගුවට ගැනීම සදහා ක්‍රියාත්මක වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...