උණුසුම් කාලගුණය නිසා ළමයින් මි. 33කට පාසල් අහිමි වෙලා!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):අධික උණුසුම් කාලගුණය හේතුවෙන් , බංග්ලාදේශයට බලපා ඇති ළමයින් මිලියන 33කට පාසල් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව ද වාර්තා වේ.

ඒ අනුව, එරට පාසල් ලබන 27 වනදා දක්වා වසා තැබෙනු ඇති බවත්, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බලධාරීන්ට මෙවැනි පියවරක් ගැනීමට සිදුවූයේ පිට පිටම දෙවැනි වසරට වීම විශේෂත්වයක බව පැවසේ,

මිට පෙර පිලිපීනයේ හා ඉන්දියාවේ ද පාසල් අධික උෂ්ණත්වය හේතුවෙන් වසා දැමුණු අතර, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා ග්ලැසියර දිය වීමෙන් මුහුදු මට්ටම සෙන්ටිමීටර 30 සිට 45 දක්වා වැඩි විය හැකි බවද අනතුරු අඟවා ඇත.

මේ හේතුවෙන් බංග්ලාදේශයේ මිලියන 35ක් එනම් රටේ මුළු ජනගහනයෙන් හතරෙන් එකක් පමණ පිරිසකට බලපෑම් එල්ල වීමේ හැකියාවක් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...