*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

මැතිවරණය කඩාකප්පල් කිරීමක් ගැන NPP මාධ්‍ය හමුවකදී හෙළිදරව්වක්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 25, කොළඹ (LNW): ජාතික ජන බලවේගයේ විගණකවරුන්ගේ සහ ගණකාධිකාරිවරුන්ගේ මාධ්‍ය හමුවක් (25) දින පවත්වා ඇති අතර, එයට සහභාගී වූ හිටපු ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා මහතා කියා සිටියේ, ඡන්ද අයිතිය කඩාකප්පල් කිරීමට අදාළව මුද්‍රණාලයාධිපතිනියට චක්‍රලේඛවලින් කිසිදු ආවරණයක් නොලැබෙන බවයි. තවද මැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා නිලධාරීන්ව මෙහෙයවා ඔවුනට ආරක්ෂාව ලබාදෙන ලෙස චක්‍රලේඛ සහ කැබිනට් පත්‍රිකා නිකුත් කර ඇති බව තහවුරු වී තිබෙන බවද පැවසීය.

වැඩි දුර අදහස් දැක්වූ ඒ මහතා,

” ජාතික විගණක කාර්යාලය විසින් සියලුම මැතිවරණ සම්බන්ධයෙන් විගණනය කර, අවසන් වාර්තා නිකුත් කරනවා. 2023 වසරේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අපගේ ගණකාධිකාරීවරුන් සහ විගණකවරුන් මේ වන විට සොයාගෙන තිබෙන කරුණු එළිදැක්විය හැකිව තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගණනාවක් මේ වන විට පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් විභාගවෙමින් පවතින බැවින් අධිකරණය ඉදිරියේ තිබෙන කරුණු කතා නොකර අප විසින් සූක්ෂම ලෙස සොයා ගත් කරුණුවලට අදාළ තොරතුරු පනත යටතේ ශක්තිමත් කර ගත්තා. අපි ඉදිරිපත් කරන්නේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිම මාධ්‍යයක හෙළි නොකළ කරුණුයි. රජයේ නිල මුද්‍රණකරු ලෙස මුද්‍රණාලය, ආරක්ෂාව සපයන පොලීසිය, තැපැල් දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මුල්කරගෙන තේරීම්භාර නිලධාරීන්ගේ රාජකාරි අවරණය කරමින් සාමූහිකව කටයුතු කරනවා. නමුත් මැතිවරණ දෙපාර්තමේන්තුවට තම රාජකාරිය ඉටුකළ නොහැකි ලෙස අක්‍රීය කරනු ලැබ තිබුණා. මැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා නිලධාරීන්ව මෙහෙයවා ඔවුනට ආරක්ෂාව ලබාදෙන ලෙස චක්‍රලේඛ සහ කැබිනට් පත්‍රිකා නිකුත් කර ඇති බව තහවුරු වී තිබෙනවා.

රජයේ මුද්‍රණාලයේ වාර්ෂික කාර්යභාරයේ දෙවන වගකීම ලෙස වාණිජ මුද්‍රණ කටයුතු පවරා තිබෙනවා. රජයට අවශ්‍ය සියලුම මුද්‍රණ කටයුතු සිදුකරන්නේ මේ යටතේයි. මුද්‍රණය සඳහා ලැබෙන ඇණවුම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය වෙනුවෙන් වෙනමම, මුදල් වෙන්කෙරෙනවා. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අවශ්‍ය පත්‍රිකා මුද්‍රණයට රුපියල් මිලියන 4000ක් වෙන්කර තිබුණා. භාණ්ඩ මිලදී ගැනීම, විදුලි බිල් ගෙවීම සහ සේවකයන්ගේ ගෙවීම් ඇතුළු සියලු වියදම් වෙනුවෙන් මේ මිලියන 4000 වෙන්කර තිබෙනවා. මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ලැබෙන ඇනවුම් පරිදි අවශ්‍ය මුද්‍රණ කටයුතු ඉටුකර දීමෙන් මාස හයකට පමණ පසුව මුදල් ලබා ගැනීම සාමාන්‍යයෙන් මේ දක්වා සිදුකළා. ඇනවුම සම්පූර්ණ කිරීමට එකවරම මුදල් අය කිරීමේ නීතියක් මේ දක්වා ක්‍රියාත්මක වී නැහැ. 2020 අගෝස්තු 05වැනි දින පවත්වන ලද මහා මැතිවරණයේ මුද්‍රණ වියදම් රුපියල් මිලියන 413ක් ගෙවා තිබෙන්නේ මාස ගණනකට පසුවයි. 2020 ජූලි මාසයේ හත්වැනි දින මිලියන 100ක්, අගෝස්තු 23 වැනි දින රුපියල් මිලියන 200ක් සහ ඔක්තෝබර් 16 වැනි දින ඉතිරි මුදලත් වශයෙන් ගෙවා තිබෙනවා. 2023 ජනවාරි මාසයේ 15වැනි දින රජයේ මුද්‍රණාලයාධිපති මැතිවරණ කොමිසමට ලිපියක් යවමින් අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් හට ගෙවීම සඳහා එකවර හෝ කොටස් වශයෙන් මුදල් ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා. රජයේ මුද්‍රණාලයාධිපතිට අවශ්‍ය අමුද්‍රව්‍ය වෙනුවෙන් මුදල් ලබාගත යුත්තේ මහා භාණ්ඩාගාරයෙන්. මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් අදාළ මුදල් ලබාදෙන්නේ සැපයුම් ද්‍රව්‍ය ලබාදුන් පසුවයි. නමුත් මහා භාණ්ඩාගාරයෙන් මේ මුදල් නිදහස් කරන්නේ නැහැ.

මේ අතරේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපි මුද්‍රණාලයාධිපතිගෙන් ලබාගත් දත්ත විස්තර අනුව රුපියල් මිලියන 900කට වැඩි මුද්‍රණ අමුද්‍රව්‍ය එහි ගබඩාවේ තිබිලා තියෙනවා. මේ අනුව පැහැදිලි වන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකර සිටීමට අදාළව කිසිම සාධාරණ හේතුවක් මුද්‍රණාලයාධිපතිට තිබී නැති බවයි. 2022 ජනවාරි 31 වන විට චන්ද්‍ර පත්‍රිකා මුද්‍රණය කිරීමේ ආරක්ෂිත (ක්‍රීම්වෝව්) කඩදාසි මෙට්්‍රක් ටොන් 50ක් මිලදී ගෙන ඒ වෙනුවෙන් ඩොලර් එක්ලක්ෂ දහදාස් අටසිය විස්සක් ගෙවා තිබුණා.

නමුත් චක්‍රලේඛවල සීමාවන් ඉක්මවා කටයුතු කළ නොහැකි බව මුද්‍රණාලයාධිපතිනිය තමන්ගේ ගැලවීම සඳහා ප්‍රකාශ කර තිබෙනවා. ජාතික අයවැය චක්‍රලේඛ අංක 03/2022 යනුවෙන් රාජ්‍ය වියදම් පාලනයට එක් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනගේ අත්සනින් නිකුත් කර තිබෙන මෙම චක්‍රලේඛයෙන් රජයේ මුද්‍රණාලයාධිපතිගේ රාජකාරියට බාධාවන කිසිදු සඳහනක් නැහැ. අයවැය චක්‍රලේඛ අංක 9/2022, යන චක්‍රලේඛය 2022 දෙසැම්බර් 27වැනි දින නිකුත් කරමින් ඒ වර්ෂයට අදාළව උපදෙස් ලබාදී තිබෙනවා. එය 2023 රජයේ මුද්‍රණාලයාධිපතිනියගේ කටයුතුවලට කිසිදු බලපෑමක් ඇති කරන්නේ නැහැ. 2023 ජනවාරි 24 වැනි දින නිකුත් කළ අයවැය චක්‍රලේඛ අංක 1/2023 යටතේ පුනරාවර්තන වියදම් 6%කුත් අඩුකරන ලෙස දන්වා, පවත්නා සම්පත්වලින් අවම වියදම් දරමින් කටයුතු කරන ලෙස දන්වා තිබෙනවා. මේ වගේ චක්‍රලේඛ හතරක් නිකුත් කර තිබුණත් රජයේ මුද්‍රණාලයාධිපතිනියට එයින් බලපෑමක් ඇති වෙන්නේ නැහැ.

2023 ජනවාරි 23 වැනි දින ලබාගත් අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මුලින් සඳහන් කළ චක්‍රලේඛ හතර ගැන සඳහන් කරමින් ප්‍රමුඛතා ලැයිස්තු සකස් කර තිබෙනවා. එසේ වුවත් සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම සඳහා අත්තිකාරම් ලබාදෙන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමේ කිසිදු අවශ්‍යතාවයක් මුද්‍රණාලයාධිපතිට නැහැ. මෙයින් පැහැදිලි වන්නේ මුදල් වියදම් කිරීමේ සීමා පනවා නිකුත් කර තිබුණු චක්‍රලේඛ කිසිවක් රජයේ මුද්‍රණාලයාධිපතිගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් කෙටිකාලීනව බල නොපෑ බවයි. මෙසේ තිබියදී මුද්‍රණාලයාධිපතිනිය ක්‍රියාකර තිබෙන්නේ මැතිවරණය කඩාකප්පල් කිරීමේ අරමුණින්ම බව පැහැදිලියි. මේ චක්‍රලේඛවලට මුවාවෙලා මැතිවරණය කඩාකප්පල් කිරීමේ වරදින් මුද්‍රණායාධිපතිට ගැලවෙන්න බැහැ. දේශපාලන අවශ්‍යතාවය මත මැතිවරණය කඩාකප්පල් කිරීමට මුද්‍රණාලයාධිපතිනිය ක්‍රියාකර, මහ භාණ්ඩාගාරය නිකුත් කළ චක්‍රලේඛවලට මුවාවීමේ උත්සාහයක් දරා ඇති බව පෙනී යනවා.

මුද්‍රණාලයාධිපතිනිය කර තිබෙන්නේ චක්‍රලේඛවලින් ප්‍රතිපාදන සලසා ඇති ආකාරයට මහ භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොගෙන මැතිවරණ කොමිසමට ලිපි යැවීමයි. ඒ අනුව හිතාමතාම චක්‍රලේඛවලට පටහැණිව කටයුතු කර තිබෙනවා. අපි හෙළිකරන කරුණු පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමේ වගකීමක් මැතිවරණ කොමිසම් සභාවටත් තිබෙනවා. ඒ වගේම පොදුවේ මහ ජනතාව, මැතිවරණ කටයුතුවල යෙදෙන සිවිල් සංවිධාන, මාධ්‍ය ආයතන, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඇතුළු සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ මේ හෙළිකරන කරුණු පිළිබඳව සොයා බලන ලෙසයි. ඡන්ද අයිතිය කියන්නේ කිහිපදෙනෙකුගේ අයිතියක් නොවෙයි. පළාත් පාලනය ආයතනවල ඡන්ද විමසීමට අදාළව 2023 ජනවාරි 25වැනි දින යොමු කළ ඇස්තමේන්තුව අනුව ද්‍රව්‍යවලට රුපියල් මිලියන 290ක්, ශ්‍රමය සහ පොදු කාර්ය ඇස්තමේන්තුව රුපියල් මිලියන 232ක් වශයෙන් රුපියල් මිලියන 401ක් දක්වා තිබනවා. මේ එකතුව පවා වැරදියි. මුද්‍රණාලයාධිපතිනිය කොතරම් නොසැලකිල්ලෙන් කටයුතු කර තිබේද යන්න මේ ඇස්තමේන්තුවල ගණිතමය නිවැරදිතාවය හෝ තහවුරු කරගෙන නොමැති වීමෙන් පැහැදිලියි.

මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයාධිපතිනියට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන ලෙස අපි කැබිනට් කාර්යාලයෙන් ඉල්ලා සිටිනවා. අප මේ පිළිබඳව පැමිණිලි කර, එහි පිටපතක් රජයේ මුද්‍රණාලයාධිපතිනියට යොමු කළා. ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, චෝදනාවලට ලක්වී සිටින නිලධාරිනියගෙන්ම කරුණු විමසීමක් කර තිබෙනවා. ඒ අනුව මුද්‍රණාලයාධිපතිනියගේ නිරීක්ෂණ පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, අනුෂ පැල්පිට අමාත්‍ය මණ්ඩල කාර්යාලයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මුද්‍රණාලයාධිපතිනිය සාවද්‍ය කරුණු ඇතුළත් කර නැති බවට දක්වා තිබෙනවා. “හොරාගේ අම්මාගෙන් පේන අහනවා” කියන්නේ මේකට. ජනමාධ්‍ය ලේකම්වරයාගේ ලිපිය අනුව කැබිනට් ලේකම් කිසිදු පියවරක් ගන්නේ නැහැ. රජයේ මුද්‍රණාලයාධිපතිනිය කැබිනට් එකෙනුත් ආරක්ෂා කෙරෙනවා. මේ චක්‍රලේඛවලට මුවාවී මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට සහ මුද්‍රණාලයාධිපතිනියට මැතිවරණයට අදාළ චක්‍රලේඛවලින් ආවරණයක් ලැබෙන්නේ නැහැ. මුද්‍රණාලයාධිපතිනිය සම්පූර්ණයෙන්ම ක්‍රියාකර තිබෙන්නේ ජනතාවගේ ඡන්ද අයිතිය කඩාකප්පල් කිරීමටයි. මෙවැනි තත්වයන් නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහා ක්‍රියාකරන ලෙස ජාතික ජන බලවේගයේ ගණකාධිකාරීවරුන් සහ විගණකවරුන් දැඩි ලෙස ඉල්ලා සිටිනවා. මේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව බරපතළ ලෙස සලකා බැලිය යුතුයි

මේ මාධ්‍ය හමුවට ප්‍රධාන ගණකාධිකාරී වසන්ත පෙරේරා, හිටපු සහකාර විගණකාධිපති කේ.ඩබ්. ගමගේ, ශ්‍රී ලංකා විගණක සේවා සංගමයේ හිටපු සභාපති සුරවීර සහ විගණක සේවා සංගමයේ කමිටු සාමාජික රම්‍යා ලාලනී යන මහත්ම මහත්මීහු එක්වී සිටියහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan