(VIDEO):එකිනෙකා පිටකසා ගැනීම් තිබෙනතුරු පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුවෙන්නේ නැහැ – අනුර ආණ්ඩුවේ රෙදි ගලවයි

Date:

කොළඹ LNW: එකිනෙකාගේ පිට කසා ගැනීම් තිබෙන තුරු පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු නොවන අතර වත්මන් ආණ්ඩුවට එම යුක්තිය ඉටු කිරීමේ කාර්ය කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (25) පාර්ලිමේන්තු විවාදයේදී අවධාරණය කළේය.

එම පරීක්ෂණ සම්බන්ධයෙන් ආණ්ඩුව තෘප්තිමත් බව පැවසුවද එය ප්‍රමාණවත් නොවන අතර එම ක්‍රියාවලිය තුළ තමන්ට සාධාරණය ඉටුවන බවට වින්දිතයින්ට දැනිය යුතු බවයි දිසානායක මහතා පෙන්වා දුන්නේ.

වින්දිතයින්ට ඒත්තු නොයා ආණ්ඩුව විසින් පරීක්ෂණ කළ බවට ඵලය කුමක්ද යන්නයි එහිදී මන්ත්‍රීවරයා කළේ.

මේ අතර අද දවස වන විට කාදිනල් හිමිපාණන් වහන්සේට එරෙහිව ක්‍රියාත්මක තිබෙන්නේ ක්‍රියාත්මක ව්‍යාපෘතියට එකඟ නොවීම නිසා බවද දිසානායක මහතා කියාසිටියේය.

එහෙත් එදා කාදිනල් හිමිපාණන් වහන්සේ නොහිටින්න මේ රට තවත් ලේ විලක් වන අතර එදා කාදිනල් හිමිපාණන් වහන්සේ විසින් ඓතිහාසික කාර්ය භාරයක් කළ බවද සිහිතබා ගත යුතු වන බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම ඊබ්‍රහිම් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට එල්ල කරන ලද චෝදනාවන්ට ද මන්ත්‍රීවරයා පිළිතුරු ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...