(VIDEO):එකිනෙකා පිටකසා ගැනීම් තිබෙනතුරු පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුවෙන්නේ නැහැ – අනුර ආණ්ඩුවේ රෙදි ගලවයි

කොළඹ LNW: එකිනෙකාගේ පිට කසා ගැනීම් තිබෙන තුරු පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු නොවන අතර වත්මන් ආණ්ඩුවට එම යුක්තිය ඉටු කිරීමේ කාර්ය කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (25) පාර්ලිමේන්තු විවාදයේදී අවධාරණය කළේය.

එම පරීක්ෂණ සම්බන්ධයෙන් ආණ්ඩුව තෘප්තිමත් බව පැවසුවද එය ප්‍රමාණවත් නොවන අතර එම ක්‍රියාවලිය තුළ තමන්ට සාධාරණය ඉටුවන බවට වින්දිතයින්ට දැනිය යුතු බවයි දිසානායක මහතා පෙන්වා දුන්නේ.

වින්දිතයින්ට ඒත්තු නොයා ආණ්ඩුව විසින් පරීක්ෂණ කළ බවට ඵලය කුමක්ද යන්නයි එහිදී මන්ත්‍රීවරයා කළේ.

මේ අතර අද දවස වන විට කාදිනල් හිමිපාණන් වහන්සේට එරෙහිව ක්‍රියාත්මක තිබෙන්නේ ක්‍රියාත්මක ව්‍යාපෘතියට එකඟ නොවීම නිසා බවද දිසානායක මහතා කියාසිටියේය.

එහෙත් එදා කාදිනල් හිමිපාණන් වහන්සේ නොහිටින්න මේ රට තවත් ලේ විලක් වන අතර එදා කාදිනල් හිමිපාණන් වහන්සේ විසින් ඓතිහාසික කාර්ය භාරයක් කළ බවද සිහිතබා ගත යුතු වන බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම ඊබ්‍රහිම් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට එල්ල කරන ලද චෝදනාවන්ට ද මන්ත්‍රීවරයා පිළිතුරු ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...