ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ අද සටන ස්කොට්ලන්තය සමඟ

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 27, කොළඹ (LNW): විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සඳහා තරග වඳින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දෙවන තරගය අද පැවත්වෙනවා.මේ දක්වා පැවති තරගවලදී දැක ගන්නට ලැබුණු දෙයක් වන්නේ මෙම තණතීරුවලින් ලකුණු උපයා ගැනීම අපහසු බවයි.එසේම දඟ පන්දු යැවීමේ දි වැඩි දක්ෂතා දැක්වීමට ඉඩක් ලැබෙන්නටත් පුළුවන්.


ශ්‍රී ලංකාවට අද හමුවන්නේ ස්කොට්ලන්ත කණ්ඩායමයි.මේ දක්වා තරගාවලියේ තරගයක වැඩිම ලකුණු රැස් කර ගෙන ඇත්තේ ස්කොට්ලන්තයයි.ඔවුන් උගන්ඩාවට එරෙහිව ලකුණු 161 ක් රැස් කර උගන්ඩාව ලකුණු 52 ට දවාලමින් ලකුණු 109 ක ජයක් ලබා ගන්නට සමත් වුණා.


මෙම තරගාවලිය කෙසේ හැසිරෙන්නේ දැයි සිතා ගැනීම අසීරුයි.ශ්‍රී ලංකාවේ නමගිය පිතිකරණ රටාව හකුළුවා දමා තායිලන්ත පන්දු යවන්නියන් සහ පන්දු රකින්නියන් පෙන් වූ කුසලතාවය ඊට කදිම නිදසුනක්.ඒ නිසා ශ්‍රී ලංකාව ස්කොට්ලන්ත කණ්ඩායමට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බවට දත්ත හරහා ඔප්පු කළ හැකි වුව ද,ස්කොට්ලන්තය සමඟ තරගයට කල්පනාවෙන් මුහුණ දීම වටිනවා.


තායිලන්ත තරගයේ අත්දැකීම් සමඟ අද බොහෝ විට වඩාත් වගකීම් සහගතව පිත්ත හසුරුවන හර්ෂිතා සමරවික්‍රම කණ්ඩායමට කැඳවීමට ඉඩක් ඇති නමුත් වඩාත් වැදගත් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට රැක ගැනීමට දෙයක් තිබුණත් ස්කොට්ලන්තයට ශ්‍රී ලංකාව ඉදිරියේ එවැනි වටිනාකමක් නැති බව අවබෝධ කර ගැනීමයි.ඒ නිසා ඔවුන්ගේ ක්‍රීඩා රටාව ආක්‍රමණශීලි සහ ආවේගාත්මක තත්ත්වයකින් ආවොත් ආවා ගියොත් ගියා මාදිලියේ එකක් වීමට ඇති ඉඩ ගැන ශ්‍රී ලංකාව සැළකිල්ලෙන් සිටිය යුතු වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඉකුත් රජය සමයේ...

අදත් රිය අනතුරක්:15ක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : පෞද්ගලික බස්...

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ ගැන ලෝක බැංකු නියෝජිතයින්ගේ ප්‍රසාදය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඊයේ (15) පස්වරුවේ...

කවීජ ගමගේ තුන් ඉරියව් දස්කම්වලින් ලංකාවට ජය ගෙනෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 16, කොළඹ LNW: ඉටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සංචාරය...